සයුරෙන් එහා

ලොව විශාලතම මිරිදිය මාළුවා හමු වූ විට තායි වැසියන් කරපු දේ

කාම්බෝජයේ මීකොං ගඟේ ධීවර කටයුතුවල නිරත පිරිසකට ලොව මෙතෙක් වාර්තා වු විශාලතම මිරිදිය මත්ස්‍යයා ලෙස සැලකෙන මීටර් 4 ක් දිග, කිලෝ ග්‍රෑම් 300 ක් බර මඩුමාළුවෙකු හමුවී තිබෙන බව විදස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මඩුමාළුවන් අයත් වන්නේ මත්ස්‍ය විශේෂ අතරට වන අතර, ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයන්​ ලෙස මෙම මඩුවන් සැලකෙයි.

බල්බ හැඩති සිරුර නිසා, කාම්බෝජ භාෂාවෙන් “පුර සඳ” යන අරුත ඇතිව Christened Boramy ලෙස මෙම මත්ස්‍යයා හඳුන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිකොං ගංගාවෙන් හමුවුණු මෙම යෝධ මඩුමාළුවා අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන්ට ද අවස්ථාවක් ලැබුණු අතර, සත්වයාගේ සිරුරේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් සවි කර ඌ ආපසු ගංගාවට මුදා හැරීම සිදුවිය.

ඉලෙක්ට්‍රොනික උපාංගය හරහා මඩුවාගේ ජීවන රටාව ගැන අවබෝධයක් ලබා ගැනීම විද්‍යාඥයන්ගේ අරමුණ වී තිබේ. හමුවුණු මෙම යෝධ මඩුවා ගැහැනු සත්වයකු බව ද පැවැසෙයි.

මීකොං ගංගාව ලෝකයේ තෙවැනි ඉහළම විවිධත්වයෙන් යුත් මත්ස්‍ය ගහනය ලෙස සැලකෙනවා. නමුත් අධික ලෙස මසුන් ඇල්ලීම, දූෂණය වැනි හේතු නිසා මත්ස්‍ය ගහනය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බව විද්‍යාඥයින් පෙන්වා දෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x