තරු කතා

එත් වෙන්වුනාට අපි එකට ඉන්නේ

එදා සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම හරහා බොහෝ දෙනෙක් දැන හඳුනාගත්ත මේ සුන්දර සංගීතවේදියා තමයි අතුල අධිකාරි. අවුරුදු 13 වැනි ඉතාමත් පුංචි කාලේ ඉදන් සංගීත ලෝකයට අවතීර්ණ වූ ඔහු අද දක්වාම සංගීතයත් එක්ක තමයි ජීවිතය ගත කළේ. ඒ වගේමකිවයුතු විශේෂිතම කරුණ තමයි අතුල අදිකාරි මහත්මයාට තියෙන හරිම සුවිශේෂී වූ කටහඬක්.

ඉතින් ඒ කට හඬට සමිතා මුදුන්කොටුව මහත්මිය ගෙ කටහඬත් එකතු වුණහම හරි අපූරු සංයෝගයක් බිහිවුණා. ඒ නිසාම වෙන්න ඇති අදටත් අතුල සමිතා කියන ඒ සුසංයෝගයට මිනිස්සු ආදරය කරන්නේ. එක්තරා අවස්ථාවකදී සංගීත ප්‍රසංගයකදී අතුල සහ සමිතා මුණ ගැසෙන අතර ඒ හමුවීම පසුකාලීනව ප්‍රේම සම්බන්ධයක් බවට පත්වුණා කියන්නත් කොයි කවුරුත් දන්නවා.

නමුත් ඔවුන් දෙදෙනාම මේ වන විට අවුරුදු 10ක පමණ කාලයක් වෙන් වෙලා ජීවත්. වෙනවා. ඒ කියන්නේ අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව දික්කසාද වුණා. ඊට පස්සේ අතුල අධිකාරිගේ හිත ගත්ත ඒ චරිතය තමයි අමායා අධිකාරි කියන්නේ.

ඒ විවාහයනුත් ඔහුට ආදරණීය දියණියක් ඉන්නවා. නමුත් මේ විවාහයටත් ඔහු සමුදීලා මේ වන විට තනිකඩ ජීවිතයක් ගත කරනවා කියලා ප්‍රසිද්ධියේ ම සඳහන් කරලා තියනවා. ආදරය පිලිබඳව අතුල බලන්නේ හරි අමුතු විදිහකට. ඉතින් එක්තරා අවස්ථාවකදී මේ ආදරය පිළිබඳව ඔහු යූටියුබ් සාකච්ඡාවක් අතරතුර දී අදහස් දක්වලා තිබුණා.

මේ වැඩසටහන මෙහෙයවන නිවේදකයා ඔහුගෙන් අහනවා නීතියෙන් සහ බැඳීමෙන් අතුල ආදරණීය සැමියෙක් ද පියෙක් ද කියන ප්‍රශ්නය. ඉතින් ඔහු ඒකට සෘජුව දෙන්නෙ ඔව් කියන පිළිතුරෙන්. ඊට පස්සේ ඒ පිළිබඳව අතුල අදහස් දැක්වුවේ මේ විදිහටයි.

“බැඳීම් වලින් මම එහෙම්මම ඉන්නවා. නමුත් මම සෙපරේට්. හැබැයි තාමත් ඒ ගොල්ලොත් එක්ක තමයි මම ඉන්නේ. ඒක තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ. බැඳීම නැති වුණාට මම අදටත් කියන්නේ මගේ හොඳම යාළුවා අමායා. පොඩි ප්‍රශ්න ගැටලු නිසා අපි වෙන් උනාට ඒ හිතවත්කම් නැති වෙන්න බෑනේ. අවුරුදු ගානක් ආදරේ කරපු කෙනෙක්ට මට තරහ කරන්න බෑ. කිසිම වෙලාවක මම දොස් කියලා නෑ ඕනි වෙලාවක මම එයාට ඉන්නවා. ඕක ගොඩක් දෙනෙක්ට පුරුදු නෑ මොකද වෙන් වෙච්ච ගමන් එක්කෝ පත්තරෙන් බැන ගන්නවා. ඉතින් ඕක මගේ නෑ.

යාලුවෝ වෙලා ඉන්නකන් ප්‍රශ්න මුකුත් නැහැ. දෙන්නෙක් පෙම්වතුන් වෙන්න කලින් යාලුවෝ විදිහට ඉන්නවා නේ හරිම relax. එතකොට එයා කා දිහා බැලුවත් ප්‍රශ්නයක් නෑ වෙලාව පොඩ්ඩක් පරක්කු උනොත් ප්‍රශ්නයක් නෑ. හැමදේම relax කූල් එකේ යනවා නේද. හැබැයි මේක ආදරයක් බවට පත් වෙච්චි වෙලාවේ ඉඳන් ඔන්න ෆෝන් එක බලන්න පටන් ගන්නවා. ඔන්න පරක්කු උනොත් ප්‍රශ්නයක්. අමායා මේ ලඟදිත් කියනවා. මම මේ විවෘතව කතා කරන්නේ. කතා කරලා නෑ මම මේක ඇත්තටම.අමායා කියනවා ඇත්තටම මේ වගේ හිටිය නං අපිට මෙහෙම වෙන්නේ නෑ නේද කියලා. ඕක අර සීයට සීයක් අයිති උනහම එකසිය එකක් බලාපොරොත්තු වෙනවා නේ. මම බලන්නේ එහෙම නෙවෙයි.”

ඉතින් අතුල අදිකාරි ආදරය සහ ජීවිතය පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ ඒ විදිහටයි. බැඳීම් ඕනිවටත් වඩා රකින්න ගියපු තැනයි බැඳීම නැතිව යනවා කියන දේ තමයි ඔහු සරලවම සඳහන් කළේ.ඔහු කියන්නේ මේ විවාහවලින් ඔහු වෙන් වුනාට සමිතා අමායා ඇතුළු පිරිස සමඟ ඉතාමත් සහයෝගයෙන් සමගියෙන් අදටත් කතාබහ කරලා හොඳින් ජීවත් වෙනවා කියන දේයි.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x