තරු කතා

හැමෝම මට කියනවා ඔයා හරිම හුරුබුහුටියි කියලා

අපි හැමෝම ආදරේ කරන දඟකාර වගේම හුරුබුහුටි රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. ගීත විෂුවල් හරහා වගේම නිරූපන ශිල්පිනියක වගේම ඇය හැමෝගෙම හිත දිනාගන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනා කරන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයේ නිත්‍යා වීරසිංහ කියන චරිතයෙන් පසුගිය කාලයේ දැකගන්න ලැබිලා තියෙනවා. ඉතින් අපි දැන් කතා කරන්නේ මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ශෙහානි කහඳවල සමග.

ෂෙහානි මේවගේ නිර්මාණ වලින් දකින්න ලැබෙන්නේ කලාතුරකින් නේද?

”කළා තුරකින් නෙවෙයි මම මේ ක්‍ෂේත්‍රයට ආව දවසේ ඉඳන් ලැබුණේ එකම වගේ චරිතය. කොහොමත් මම වැඩක් කලාම අවුරුද්දක් විතර බ්‍රේක් එකක් ගන්නවා. මම එකදිගට වැඩ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ පාරනම් එක දිගට වැඩ කිහියක්ම කළා.”

ඔබගේ සුන්දරත්වය පවත්වාගෙන යන්නේ කොහොමද ?

”ඉස්සරනම් මම ජිම් ගියා දැන් නම් මම ජිම් යනඑක නතරකරලා තියෙන්නේ මොකද මට ඒක ටිකක් කම්මැලි හිතුණා. ඒ කාලෙනම් ඩයට් කළා දෙයියනේ කියලා දැන් නම් හොඳට කනවා බොනවා, හැබැයි නිලියක් වුනාම වුණාම ශරීරයේ හැඩය, පෝෂණය ගැන හිතන්න ඕනේ. ඒ නිසා වැඩක් තිබ්බොත් සතියක් විතර සුදානම් වෙනවා. මගේ ඇඟ හුරුබුහුටියි කියලා හැමෝම වගේ කියනවා. ඉතින් මොකටද මම ආයේ ලස්සන වෙන්න මහන්සි වෙන්නේ”

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x