තරු කතා

කොරීන්ගෙන් යොහානිට සැර ප්‍රකාශයක්

වර්තමානයේ ශ්‍රීලංකාවේ ආර්ථිකය හිතන්නේ නැති මට්ටමකට කඩාගෙන වැටීම නිසා බොහෝ දෙනෙක් පීඩා කාරී ජීවිතයක් ගත කරනවා. ඒ තුළින් මිදෙන්න අවශ්‍ය නිසා අලුත් පාලනයක් අවශ්‍ය බව හඟවමින් බොහෝ දෙනෙක් අද වෙද්දි වීදි බැහැලා පවතින ආණ්ඩුවට විරුද්ධව විවිධ ආකාරයේ විරෝධතාවයන්වල නිරත වෙලා.

එවන් කාල සීමාවක් තුළ දී කලාකරුවන් බොහොමයක් ඒ පිළිබඳව කතාබහ කරද්දි යොහානි ටිකක් නිහඬවෙලා හිටියා. නමුත් ඇය පසුගිය දවසක සමාජ මාධ්‍ය ගිණුම හරහා ඇවිදින් ප්‍රේක්ෂකයන් වෙත පණිවිඩයක් නිකුත් කළා. ඒ පණිවිඩය තුළ සඳහන් වෙලා තිබුණේ ඇය මෙතෙක් කාලයක් නිහඬ වෙලා හිටියෙ දේශපාලනය පිළිබඳව කතා කරන්න දන්නේ නැති නිසා කියලත් ඇය සඳහන් කළා.

කෙසේ නමුත් ඇයට බොහෝ දෙනෙක් විරුද්ධව අදහස් ප්‍රකාශ කරල තිබුණු අතර තවත් බොහෝ දෙනෙක් ඇය මේ විදියට ප්‍රේක්ෂකයන් හමුවට ඇවිල්ලා කතාබහ කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වුණා. ඒ වගේම තමයි ඇය අලූත් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවන්නේ යෝජනා කළා.

ඒ වැඩපිළිවෙළ තමයි පිටරට සිටින විදේශ විනිමය උපයන පුද්ගලයන් එකතු කරගෙන ඇමරිකානු ඩොලර් මිලියනයක් සෙවීමේ ව්‍යාපෘතියයි. ඒ සඳහා සියලුම දෙනාට එකතු වෙන්න කියලත් ආරාධනා කළා. ඒ වගේම ඉදිරි මාස තුනක ඇයගේ youtube නාලිකාවේ ආදායම ඇතුළුව තවත් නාලිකා වල ආදායම ඒ සඳහා ආයෝජනය කිරීමට යොහානි සූදානම්.

නමුත් මේ සඳහා බොහෝ දෙනෙක් විවිධාකාර අදහස් ඉදිරිපත් කරලා තිබුණු අතර තවත් ක්ෂේත්රය අති දක්ෂ ගායිකාවක් වන කොරීන් අල්මේදාගේ සටහනත් ඒ අතර විශේෂ වුණා. ඉතින් ඇය ඉංග්‍රීසි බසින් හරි දීර්ඝ සටහනක් මේ වෙනුවෙන් එකතු කරලා තිබුණු අතර එහි සරල තේරුම පහතින් උපුටා දක්වා ඇත.

“ජාත්‍යන්තර ප්‍රේක්ෂක ඔබ සැමට….මම ශ්‍රී ලංකාවේ ගායිකාවක්/කලාකරුවෙක්/සංගීත ශිල්පියෙක්මි.. යොහානි හඬා වැලපෙන මෙම පරිත්‍යාග ව්‍යාපාරයෙන් ඈත් වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.. අපට ඇය වෙනුවෙන් බැගෑපත් වීමට අවශ්‍ය නැත. රට. අපිට දැන් අවශ්‍ය මුදල් නෙවෙයි. ඔබ ප්‍රමාණවත් තරම් බුද්ධිමත් නම් සහ ඔබේ ලෝක ප්‍රවෘත්ති නිසි ලෙස නරඹන්නේ නම් මා අදහස් කරන්නේ කුමක්දැයි ඔබට වැටහෙනු ඇත. ජනාධිපතිතුමා ඇතුළු මේ මුළු ආණ්ඩුවම වහා එළවා දමන්නයි මුලු ලංකාවටම අවශ්‍ය.. තමන්ට මේ කීර්තිය සහ ජනප්‍රියත්වය ලබා දුන් ජනතාව සමග හිටගන්නවා වෙනුවට යොහානි ඉන්නේ රාජපක්ෂලා වෙනුවෙන්.. කරුණාකර ඇයගේ වීඩියෝ සහ පණිවිඩයට නොරැවටෙන්න .. මම වරක් ඇය ගැන ආඩම්බර වූ නමුත් තවත් නැත. යොහානි ඔයා ඔයාගේ මිනීවළ හෑරුවා විතරයි.. ඔයා මේ වීඩියෝ එකේ ඔයාව බලන්නේවත් නැහැ.. ඔයා හරිම මානසික පීඩනයකින් සහ ආතතියකින් ඉන්නේ.. කරුණාකරලා ලෝකෙට අඬලා මෙහෙම හිඟාකන එක නවත්තන්න.. ඉන්දියාවේ හිඟන්නන්ද ඉදිරිපත් වෙලා ලංකාවට උදව් කරන්න. මොනතරම් ලැජ්ජාවක්ද.. ක්‍රියාවෙන් හරිම ශෝචනීයයි.. ඔයාට තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා යුවතිය.. ඔයාට ඔයාගේ රසිකයෝ ඔක්කොම නැතිවෙලා..”

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x