ඒක දැන් මට අයිඩින්ටි එකක් වගේ

මේ දිනවල මුහුණු පොත හරහා ගොඩක් දෙනෙක් ආසාවෙන් අහන ලස්සන සිංදුවක් තමයි කර කාර බඳින්නට කියන ගීතය. ඉතින් ඒ ගීතයට මේ විදිහට ගොඩක් දෙනෙක් ආදරේ කරන්න පටන් ගන්නෙ ඒ ගීතය ගායනා කරන සුන්දර දඟකාර ගායිකාව නිසයි. ඇය තමයි කටහඬින් බොහෝ දෙනෙක් වශී කරගත් කාංචනා අනුරාධි.
ඇත්තටම කාංචනාට තියෙන්නෙ තව කෙනෙක්ව නැවත වතාවක් වශී කරවා ගන්න පුළුවන් හරි ලස්සන සුන්දර හඬක්. ඇය විසින් ගායනා කළ උඳුරා වී ගීතයත් අලුතෙන් ගායනා කරන නාදෙන් ගීතයටත් බොහෝ ප්රතිචාරයන් හිමිවුණා. ඉතින් මේ සුන්දර තාරකාවිය පිළිබඳව පුංචි විස්තර කීපයක් තමයි අපි ඔබත් එක්ක බෙදා ගන්න සූදානම් වෙන්නේ.
ඇත්ත වශයෙන්ම කාංචනා අනුරාධි කියන චරිතය ගත්තහම ගොඩක් දෙනෙක් ඇයට ආදරේ කරන්නේ ඇගේ කටහඬට වගේම ඒ ලස්සන සුන්දර රූපකායටත් එක්කයි. සුන්දර ගැහැනියකට පිහිටා තිබිය යුතු ලාලිත්‍යය ඒ ආකාරයෙන්ම තියන කාංචිට හරි ලස්සන දිගු වරලසක් හිමි වෙලා තියෙනවා. ඒ නිසාම ගොඩක් ඇය කරන කොන්ඩ විලාසිතාව ට හරිම ආදරෙයි. මේ කොන්ඩ විලාසිතාව සහ ඇයටම ආවේනික වූ ඇඳුම් පැළඳුම් නිසා තමයි රසිකයන් ඇගේ අනන්‍යතාවය හඳුනාගන්නේ. ඉතින් ඇය කරන විලාසිතා සහ ඒ පිළිබඳව කාංචනා ප්‍රේක්ෂකයන් සමඟ අදහස් හුවමාරු කරගත්තා. ඇය කොන්ඩ විලාසිතාව ගැන සඳහන් කරන්නේ මේ වගේ අදහසක්,
“ඇත්තටම බාහිර පෙනුමත් බලපානවා ගායිකාවක් විදියට ශේස්ත්‍රයේ රැඳෙන්න. මම මට ගැළපෙන සමාජයට ගැලපෙන විලාසිතා තෝරා ගන්නවා. එක දවසක් මම ටීවී ප්‍රෝග්‍රෑම් එකට යන්න ගිහින් හොඳටම පරක්කු වුණා. කොණ්ඩේ දිග නිසා කඩන් යන්නත් බැහැනේ. කැඩුවොත් මූණ පේන්නෙත් නැහැ.
එම නිසා අම්මා ඉක්මනින් කොන්ඩෙ උඩට කරලා බැන්දා. එදා ඉදන් දිගටම කොණ්ඩෙ ගොඩක් වෙලාවට උඩින් දානවා. ගොඩක් අය මාව දාන්නෙ අර කොන්ඩේ උඩින් බදින කෙනා කාන්චනා අනුරාධි කියලා. ඒක දැන් මට අයිඩින්ටි එකක් වගේ.” ගොඩක් දෙනෙක් අහලා තිබුනා ඇය මේ විදිහට ලස්සනට කොන්ඩේ දාන්නෙ කොහොමද කියලා. ඉතින් ඒකට ඇය පුවත්පතකට පිළිතුරු දීලා තිබුණේ ඒ විදිහටයි. ඉතින් ඉදිරියේදීත් ඇඟේම ලස්සන කටහඩින් හැඩවැඩ වුණු ගීත රැසකින් ප්‍රේක්ෂකයන් හමුවට එන්න කාංචනා සූදානමෙන්. ඒ සියළුම වැඩකටයුතු එයාකාරයෙන්ම සාර්ථක වේවා කියා අපි හදවතින් ම ඇයට සුබ පැතුම් එක් කරනවා.