තරු කතා

‘තලපති විජෙයි’ හෙළි කල සංවේදී කතාව

‘තලපති විජෙයි’ කියන්නෙ ඉන්දියාවේ විතරක් නෙවෙයි, ලංකාවේ ප්‍රේක්ෂයනුත් ආදරය කරන සුපිරි නළුවෙක්. කොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන විජෙයිගේ අලුත්ම චිත්‍රපටය මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වනවා. විජෙයි කියන්නෙ වැඩිපුර සමාජ මාධ්‍ය තුළවත් පෙනී නොසිටින කෙනෙක් නෙවෙයි. ඒ වගේම සම්මුඛ සාකච්ඡාවලටත් ඔහු එකතු වෙන්නෙ හරිම අඩුවෙන්. (අවුරුදු 10කට පස්සෙ පසුගිය දවසක විජෙයි සාකච්ඡාවකට ඇවිත් තිබුණා ඔබට මතකයි.)

සමාජ සේවයට බොහෝමත්ම කැමති මේ සුපිරි නළුවා, පුංචි දරුවන්ටත් උදව් කරන සමාජ සේවකයෙකු ද වනවා. ඒ වගේම, විජෙයි ගැන කවුරුත් වැඩිපුර දන්නෙ නැති කතාවකුත් තියෙනවා. විජෙයිගේ නැගණිය ජීවතුන් අතර නැහැ.විජෙයි කුඩා අවදියේම නැගණිය ජීවතුන් අතරින් සමුගන්නවා. මේ නැගණියගේ වියෝව විජෙයිව ගොඩක් කම්පාවටත්, දුකටත් පත් කරලා තියෙනවා. විජෙයි දවසක් ප්‍රසිද්ධියේ ම මේ ගැන කියලා තිබුණේ මෙහෙමයි.

“…හැම කෙනෙක්ටම ජීවිතේ එහෙම දවසක් තියෙනවා. මං වැඩියෙන්ම ඇඬුවේ මගේ නංගී මැරුණු දවසේ.. ඒ වේදනාව තාම හිත ඇතුළේ ගොඩක් තියෙනවා. ඒකෙන් මම තාම එළියට ආවේ නෑ. ඒ හින්දා මගේ නංගි වගේ හැමෝම දිහා බලනවා. මගේ ෆැන්ස්ලා (ගර්ල්ස් ෆෑන්ස්ලා.) දිහාත් මම බලන්නෙ මගේම නංගිලා විදිහට..”

 

Related Articles

4.5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x