තරු කතා

ඉස්සර කන්න දෙයක් නැතුව රෑටත් කිරිබත් කෑවා

පුංචි තිරයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සරාගී රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ, ඒ වගේම පසුගිය වසරක ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ නයෝමි සමගයි අද කතාබහ.

නයෝමිට සමානය ලැබුනට පස්සේ මොනවද හිතුනේ?

”මගේ ජීවිතේ සතුටු දායක දවස් ඕන තරම් ලැබිලා තියෙනවා, හැබැයි ඒ අවස්ථාවලින් වැඩිම සතුටු වුනේ එදා, ඒ සතුට වචනෙන් විස්තර කරන්න අමාරුයි”

නයෝමි ඔබ මෙතෙක් පැමිණි ගමන ගැන මොකද කියන්න තියෙන්නේ?

” මම අනුරාධපුරයේ නෙල්ලිකුලම කියන ගමේ ඉඳන් කොළඹ එන්නේ නාට්‍ය හා රංගකලා උපාධිය හදාරන්න. උපාදියෙන් පස්සේ මට අකලංක සපුමල්ගෙ ‘හිනාවෙලා හේතුවක්’ වේදිකා නාට්‍යට සම්බන්ද වෙන්න අවස්තාවක් ලැබුනා, ඒ නාට්‍ය රංගන වෙනුවෙන් 2015 මම යෞවන සම්මාන උළෙලේ හොඳම නිළියගේ සම්මානය මට ලැබුණා. ඒදා ඉඳන් තමයි මගේ රංගන දිවිය ආරම්බ වුනේ. ඊටපස්සේ මම 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියටත් මගේ නම නිර්දේශ වුනා,”

ඔබ ගොඩක් දුෂ්කර කාලයක් පහු කරලා තමයි අද මේ වගේ තැනක ඉන්නේ. ඉතින් ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

”ඔව් ගොඩක් දුෂ්කර කාලයක් ගත කරලා තමයි අද මෙහෙම ඉන්නේ. ඉස්සර ගෙදරින් දෙන පොඩි මුදල ඉවර වුනාම ඉල්ලගන්නවත් කෙනෙක් නෑ, බස් එකේ යන්න සල්ලි නැතුව පයින් ගියපු දවස් අනන්තවත් තියෙනවා, බෝඩිමේ බත් කන්න ව්‍යංජන නැතිවුණාම කරන්නම දෙයක් නැති උනාම රෑට පවා කිරිබත් හදාගෙන කාල තියෙනව. හැබැයි අදටත් මම කැමති ඒ සරල කමට,”

 

Related Articles

4 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x