තරු කතා

මට මේ වගේ ඇඳුම් තෝරලා දෙන්නේ හස්බන්ඩ්

හැමෝගෙම ආදරේ දිනාගත්ත සුන්දර රංගන ශිල්පිනියක් තමයි නදුනි කරුණාතිලක කියන්නේ. ඒ වගේම මේ දිනවල විකාශනය වන ‘ඉස්කොලේ’ ටෙලි නාට්‍යයේ පාසල් ගුරුවරියක ලෙස කාගේත් හිත දිනාගෙන ඉන්නවා. ඉතින් හිතුවා නදුනි එක්ක ටිකක් කතා කරන්න.

නදුනි පොඩිකාලේ ඉඳම්ම ආසා කලේ නිලියක් වෙන්නද?

‘නෑ මම පොඩි කාලේ ඉඳලම ආසා කලේ ගුවන් සේවිකාවක් වෙන්න. ඉතින් ඒ ගමන අතර මගදී තමයි මම කලාවට යොමු වුනේ, ඉතින් මගේ ගුවන් සේවිකා සිහිනය අතහැරලා නිලියක් වෙන්න තීරණය කළා.

ඔබ ජනප්‍රිය නළුවෙකුගේ බිරිඳ වෙන්නේ කලාවට ආවට පස්සෙද?

”අපේ ආදරේ පටන්ගත්තේ කලාවට එන්න කලින්. අපි දෙන්නම ඉස්සර එක්තරා නාලිකාවක ගායනා තරගයකට ඉදිරිපත් වෙලා ඒකට සූදානම් වෙන්න වොයිස් ට්‍රේනින් පන්තියකට එතැනදි තමයි අපේ ආදරේ පටන් ගත්​තේ. අවුරුදු හතක් ආදරේ කරලා තමයි අපි දෙන්නා විවාහ වුනේ,”

ඔබ චරිත තොරගන්නේ දිනුෂගේ අනුමැතිය ඇතිවද?

”නැහැ ඒ ගැන අපි අතර ලොකු කතාවක් නෑ, මට ගැලපෙනවා කියලා හිතෙන චරිත මම කරනවා, හැබැයි මම අඳින ඇඳුම් පැළඳුම් ගැන නම් දිනුෂ ලොකු අවධානයක් දක්වනවා. මම ගොඩක්ම ෂොපින් යන කෙනෙක්. එයා එක්කම ෂොපින් ගිහින් ඇඳුම් ඇඳලා පෙන්නලා තමයි මම ඇඳුම් තෝරගන්නේ. ගොඩක් වෙලාවට මම මේ අඳින ඇඳුම් සිලේට් කරලා දෙන්නේ එයා”

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x