තරු කතා

හින්දු ජාතිකයෙක් වුවත් බුදුන් වඳින කේ සුජීවා

ප්‍රසංග වේදිකාව තුළ දඟකාර, හැඩකාර, කටකාර චරිතයක් තමයි කේ සුජීවා කියන්නේ.ඔබත් මමත් ආදරේ කරන මේ සුන්දර චරිතය පිළිබඳව මේ වෙද්දි නොදන්නා කෙනෙක් නොමැති තරම් ඇය එතරම්ම වර්තමාන පරම්පරාව තුළ ප්‍රසිද්ධයි.

ඇයට ආදරණීය දරුවන් දෙදෙනෙක් ඉන්නවා මේ දරුවන් දෙන්නත් සංගීත කටයුතුත් එක්ක සම්බන්ධයි. ඇගේ වැඩිමහල් දියණිය අංජලී වන අතර බාල දියණිය රෝස්. ඔවුන් දෙදෙනා සමඟ සුජීවා මේ වන විට ඉතාමත් සාර්ථකව ජීවිතය විඳිමින් හරි ලස්සනට කාලය ගත කරනවා.

ඇය ජීවිතයේ එක්තරා අවදියක දී වැටෙන්න ඕනි අන්තිම බින්දුවටම වැටුණු කෙනෙක්. ඒකට මූලිකම හේතුව සුජීවා ක්ෂේත්‍රයේ අති දක්ෂ ගායන ශිල්පියෙක් වූ අජිත් මුතුකුමාරණ සමග යුග ජීවිතයක් ගත කර ඒ යුග ජීවිතයෙන් ඔවුන් දෙදෙනාම පසුකාලීනව වෙන් වීම නිසයි. කෙසේ නමුත් ඇය එතැනින් ජීවිතය නවත්තන්නෙ නැතුව දරුවන් දෙන්නා සමග අද වනතුරුත් ජීවිතය විඳිමින් ඉතාමත් සාර්ථකව ඒ අභියෝග වලට මුහුණ දුන්නා.

ඉතින් ඒ සියලුම දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී අපි අද ඔබට අපේ විශේෂාංගය තුළින් කියන්න යන්නේ ඇයගේ එදිනෙදා ජීවිතය පිළිබඳව තොරතුරු කීපයක්. සුජීවා නිතරම උදේ පාන්දරම නැගිටලා දෛනික කටයුතු ආරම්භ කරන කෙනෙක්.හැමදේම පිළිවෙළටම ඕනී ඇය දෛනික වැඩකටයුතු පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ පහත ආකාරයටයි.

“මම සාමාන්‍යයෙන් හරිම අඩුවෙන් නිදාගන්න කෙනෙක් මොනතරම් නිදි මැරුවත් දවසට පැය පහකට හයකට වඩා නිදාගන්නේ නැහැ. උදේ අවදි වෙලා ඇඟ සෝදලා උනු පැන් එකක් ඇල් පැන් එකක් ගිලන්පසට කිරි වීදුරුවක් එක්ක ට්‍රේ එකට ලෑස්ති කරලා බුදුන් වදින එක තමයි මගේ පළමු රාජකාරිය.

බුද්ධ වන්දනාවෙන් පස්සේ තමයි කුස්සියට ඇවිත් වතුර එකක් දීලා තේ එකක් හරි පලතුරු යුෂ එකක් හරි කැඳ එකක් හරි හදන්නේ. මේ පුරුද්ද දැන් මම අවුරුදු දහයක තිස්සේ ඉඳන් කරනවා. මම හින්දු ජාතික කෙනෙක් ඒත් අවුරුදු දහයකට පෙර සිට මම බෞද්ධාගමට වඩාත් නැඹුරු වුණා. දැන් හැමදාම උදේ, හවස ගිලන්පස පූජා කරල බුදුන් වඳිනවා. හැම මාසෙම දවසක් උදෑසන හීල් දානය මමම හදලා පුජ කරනවා.මේ සියලු දේත් එක්ක වෙනදට වඩා සැහැල්ලුවක් නිදහසක් සතුටක් මගේ ජීවිතයට ලැබුණා කියලා මට විශ්වාසයි.”

ඇය දමිළ වුණත් බුදු දහමට විශේෂ ගෞරවයක් දක්වන කෙනෙක්. ඒ වගේම බොහෝ දෙනා වෙනුවෙන් ඇය බුද්ධ වන්දනාව දමිළ බසින් ලියන්නටත් වැඩපිළිවෙළක් ආරම්භ කළා.ඉතින් මේ විදිහට බුදු දහමට ළැදිව කටයුතු කරන ඇය සෑම උදෑසනක්ම පටන් ගද්දී ප්‍රධානත්වය දෙන්නෙ බුද්ධ වන්දනාවට. සුජීවා සඳහන් කරන ආකාරයට ප්‍රසංග ඉවරවෙලා පාන්දර තුනට හතරට ගෙදර ආවත් නාලා පිරිසිදු වෙලා උයලා කරලා පාන්දර ගිලන්පස බුද්ධ පූජාව තියලා තමයිලු ඇය නිදාගන්නෙ.

මේ සියලුම දේවල් එක්ක ඇගේ සිතේ සැනසීම වෙනදටත් වඩා දැනෙන්න පටන් අරන් කියලත් ඇය සඳහන් කළා. ඉතින් ඒ සියලුම දේවල් එක්ක ඉදිරියටත් ජීවිතය ජයෙන් ජයම වේවා කියා අපි ඇයට ප්‍රාර්ථනා කරනවා.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x