තරු කතා

මම ගුරුවරියක් හැබැයි මමත් ටික් ටොක් කරනවා

2017 වර්ෂයේ දී රියැලිටි වැඩසටහනක් හරහා ඒ තරඟාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගනිමින් කලා ලෝකයට ආපු මේ සුන්දර තාරකාවිය පිළිබඳව බොහෝ දෙනෙක් අද වෙද්දි දන්නවා ඇය නමින් මහේෂා සඳමාලි. මහේෂා පුංචි කාලේ ඉඳලම සින්දු කියන්න ආසයි ඒ වගේම ලෝකය පිළිගත්තු ගායක ගායිකාවන්ගේ ගීත වලට ඇය ගොඩක් ආදරේ කරලා තියෙනවා ඒ වගේම ඒ අයව අනුගමනය කරලා ගීත කියන්නත් ඇය පුංචි කාලේ ඉඳන් ආසයිලු.

ඉතාමත් හොඳින් පාසල් අධ්‍යාපනය ලබන මහේෂා පසුකාලීනව කැලණිය විශ්ව විද්‍යාලයෙන් සංගීත විශේෂවේදී උපාධිය ලබාගන්නවා. ඇයට අධ්‍යාපනික ගමන් මඟ තුලදී බොහෝ වරප්‍රසාද හිමිවෙලා තියනවා ඒ පිළිබඳව ඇය පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි.

“විශ්ව විද්‍යාලෙ ඉගෙනීම කටයුතු අවසන් කළාට පස්සෙ මට වසර දෙකක් සංගීත කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරන්න ලැබුනා ඇත්තටම කිව්වොත් විශ්වවිද්‍යාල සිසුවියක් විදිහට හිටපු කාලෙට වඩා වැඩි දෙයක් කථිකාචාර්යවරියක් විදිහට මම ඉගෙන ගත්තා.

එතකොට මම ඉගැන්වුවේ මගේම වයසේ නැත්නම් මට වඩා අවුරුද්දක් දෙකක් බාල දරුවන්ට ඉතින් එයාලට දුවේ පුතේ කියන එක මුලදී මට නුහුරු අත්දැකීමක් වුනා ඒත් පස්සේ ඒ දේවල් වලට මමත් හුරු වුනා ඇත්තටම ඒක හරි අපූරු රසවත් අත්දැකීමක්”

ඒ විදියට අදහස් දක්වන ඇය අද වන විට කලා ලෝකය තුළ ගායනය පමණක් නෙවෙයි ඩබින් artist කෙනෙක් විදියටත් කටයුතු කරන්න අවස්ථාව සලසා ගත්තා. ඒ සම්බන්ධය ඇය අදැක්වූ අදහස පහතින් උපුටා ඇත.

” ඒකත් හරි අහම්බෙන් මට ලැබුණු අවස්ථාවක් ඇත්තටම දැන් ඒ වැඩෙත් මම හරිම ආසාවෙන් කරගෙන යනවා. බෙල්ල කඩාගෙන හරි ඕනම දෙයක් හරියට කරන එක පුංචි කාලේ ඉඳලා මගේ පුරුද්දක් ඉතින් මේ හැමදේම හරියට කළමනාකරණය කරගන්න ඒ පුරුද්ද මට උදව් වෙනවා.“

ඒ වගේම තමයි ඇය සාම්ප්‍රදායික ගැහැනියක් විදියට සමාජය දිහා බලන කෙනෙක් නෙමෙයි. මේ වෙද්දි ගුරුවරියක් විදිහට කටයුතු කරන මහේෂා ඒ ගත කරන ජීවිතය පිළිබඳව දැක්වූ අදහසක් පහතින් උපුටා ඇත.

“ගුරුවරියක් උනහම මේ විදිහට ඇඳුම් අඳින්න ඕනි මේ විදියට ඉන්න ඕනේ කියලා ගොඩක් අය කියනවා මම ගුරුවරියක් හැබැයි මම ටික් ටොක් කරනවා. ගුරුවරයෙක් වුණත් ඩොක්ටර් කෙනෙක් වුණත් ඉන්ජිනියර් කෙනෙක් උනත් අපි හැමෝම මිනිස්සු. ඉතිං හිනා වෙලා සතුටින් ඉන්න හැමෝම කැමතියි. ඔය lockdown කාලෙදී ඔය කොයි ක්ෂේත්‍රයේ අයත් ටික්ටොක් කළා ඒ වගේම ගොඩක් අය එ අයට හිනා වුණා. හිනා වෙන්න තරම් එතන වරදක් වුණාද කියන එක මට තේරෙන්නේ නැහැ. ටික් ටොක් කියන්නේ කලාව එළියට දාන්න පුළුවන් හොඳම මාධ්‍යයක් ඒක හරි විදිහට දකින්නත් හරි විදිහට භාවිතා කරන්නත් දැනගන්න ඕනේ”

ඇය ඒ විදිහට අදහස් දක්වන අතර මේ තරම් සාර්ථක ගමනක් එන්න අම්මා තාත්තා මල්ලි ඇතුලු පවුලේ සියලුම දෙනා ඇයට උදව් වුණා කියලත් ඉතාමත් නිහතමානීව සඳහන් කළා ඉතින් අපිත් මේ සුන්දර කලා කාරිණියගේ ඉදිරි ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා හදවතින්ම සුබ පැතුම් එක් කරනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x