තරු කතා

කාවින්ද්‍යාගෙන් පෙම්වතා ගැන ඉඟියක්

රංගනයට ගායනයට ඒ වගේම නිවේදනයට කියන මේ සියලුම අංශ වලට එකසේ දක්ෂතා දක්වන කලා ලෝකය තුළ ඉන්න දක්ෂ කලාකාරිනියක්කාවින්දයා අධිකාරි කියන්නේ. කාවින්ද්‍යා අධිකාරි කියන චරිතය පිළිබඳව නිතරම හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ ඇය සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරිය කියන දෙදෙනා ගේ දියණිය කියන්න බොහෝ දෙනෙක් දන්නවා.

අම්මගේ තාත්තගේ ගායන හැකියාව ඒ විදිහටම ඔප මට්ටම් කර ගත් ඇය රංගනයට අවතීර්ණ වෙන්නෙත් අහම්බෙන් වගේ. ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ඝරසරප සිනමා පටයේ ප්‍රධානම චරිතයක් වෙනුවෙන් සම්මානයකින් පිදුම් ලබන්නටත් කාවින්ද්‍යා අධිකාරි වාසනාවන්ත වුණා.

කෙසේ නමුත් ඇය මේ වෙද්දි නම් නැවත වතාවක් රංගන කටයුතුත් එක්ක අපිට දැක බලා ගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ. ඇය එක්තරා අවස්ථාවකදි සඳහන් කරනවා ඇය ඇඟ හැම තැනම tattoo ගහගෙන තියෙන නිසා බොහෝ අධ්‍යක්ෂකවරුන් දෙන චරිත සීමා කිරීමටත් තීරණය කරලා ඇති කියන දේ.ඒ වගේම සමහර අවස්ථාවලදී අධ්‍යක්ෂකවරු ඇයට ටිකත් කෙට්ටු වෙන්න කියලත් අවවාද දීලා තියෙනවලු.

කාවින්දයා කියන්නේ පුංචි කාලේ ඉඳන්ම ජීවිතය දිහා හරි අමුතු විදිහට බලපු කෙනෙක්. ඇයට එක්තරා අවස්ථාවකදී ආදරණීය තාත්තාගේ ආදරය සෙනෙහස සමීපව ඉඳගෙන විදිනට අවස්ථාව හිමි වුණේ නැහැ ඒ අතුල සහ සමිතා විවාහයෙන් වෙන් වීම නිසයි. කෙසේ නමුත් තරුණ වියට එද්දී කාටත් ආදරනීය හැඟුම් පහළ වෙනවා.

ඉතින් කාවින්ද යත් ඒ විදිහට ආදරය කරපු චරිතයක් කලා ලෝකෙ හිටියා කියලා බොහෝ දෙනෙක් සඳහන් කරනවා ඔහු තමයි ගයාන් ගුණවර්ධන නමුත් මේ දෙන්නා අතර දැන්නම් සම්බන්ධයක් නැහැ කියල තමයි හැම තැනම ප්‍රචාරය වෙන්නේ. ඒ දේවල් ඒ විදියට සිදු වුණත් ඔන්න පසුගිය දවසක කාවින්ද්‍යා තමන්ගේ මුහුණු පොතේ තමන්ගේ මුහුණු පොතේ ආදරයක් ගැන පුංචි ඉඟියක් දීලා ලස්සන සටහනක් එකතු කරලා තිබුණා. ඉතින් ඒ සටහන පහතින් උපුටා දක්වා ඇත.

ඉතින් ඇය බලාපොරොත්තු වෙන්නේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරනවා.

 

Related Articles

4 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x