තරු කතා

අනිල් කපූර් සීයා කෙනෙකු වෙන්නට සූදානම්

2018 මැයි අට වෙනිදා විවාහ වූ සෝනාම් කපූර් සහ ඇගේ සැමියා ආනන්ද් අහුජා සිය කුළුඳුල් දරුවා පිළි ගන්නට සූදානමින් සිටින බැව් පසු ගියදා සමාජ මාධ්‍ය ජාලාවල පළ වී තිබිණි. සෝනාම් ගේ පියා අනිල් කපූර් පවසා තිබුණේ තමා ජීවිතයේ වඩාත්ම ප්‍රියජනක මොහොත අපේක්ෂාවෙන් සිටින බවයි. සීයා කෙනෙකු වීමත් සමඟම තව දුරටත් ජිවිතය ඒකාකාරී නොවනු ඇති බව ද ඔහු සටහන් කර තිබිණි.

“සීයා කෙනෙක්.. මනින්න බැරි තරම් වන මේ සතුට මට ලබා දුන්න සෝනාම්ටයි ආනන්ද්ටයි මම කෘතඥ වෙනවා..”
ඔහු එසේ කියා තිබූ අතර සෝනාම් ගේ සොයුරිය රී කපූර් ද ඇයට සුබ පතා තබුණේ බොහෝ ආදරයෙනි.
සෝනාම් සිය සැමියා ආනන්ද් අහුජාට සමීපව ගන්නා ලද ඡායාරූප කිහිපයක්ම අන්තර්ජාලයට එක් කර තිබුණාය.
“ඔබ අපට හැකි ඉහළම ආකාරයෙන් හදාවඩා ගන්නට අත් හතරක්..

හැම තැනකදීම ඔබේ හදවතත් සමඟ එක්ව ගැහෙන්නට හදවත් දෙකක්.. ඔබට ඇති තරම් ආදරය හා සහයෝගය දෙන එකම පවුලක්.. ඔබ පිළි ගන්නට අප බලා සිටින්නේ ඉතා නොඉවසිල්ලෙන්..”
සෝනාම් ඒ ආදරණීය සටහන තබා තබුණේ ඇය ආනන්ද් ගේ උකුළේ හිස තබාගෙන සිටියදී ඔහුගේ අත් ඇගේ කුස මත රැඳුණ ඡායාරූපයකට ය.

ප්‍රියංකා චොප්රාගේ සැමියා නික් ජෝනාස්, මහීප් කපූර්, රාජ්කුමාර් රාඕ, අභිෂේක් බච්චන්, දියා මිර්සා, කුෂි කපූර්, රන්වීර් සිං, විකී කෞෂාල්, රවීනා තන්දන්, සෝනාක්ෂි සිංහා, කරීනා කපූර්, ජැකලීන් ෆර්ඩිනැන්ඩස්, අනන්‍යා පාණ්ඩේ, අංශුලා කපූර්, අනුෂ්කා ශර්මා ඇතුළු බොහෝ දෙනෙක් අලුතින්ම දෙමව්පියන් වෙන්නට සූදානම් වෙන යුවළට සුබ පතා තිබිණි.
සෝනාම් කපූර් අවසානයට දකින්නට ලැබුණේ ද සෝයා ෆැක්ටර් චිත්‍රපටියෙනි. අනුජා චව්හාන් විසින් ලියන ලද ද සෝයා ෆැක්ටර් නවකතාව ඇසුරින් එය නිර්මාණය වූයේය. ඇය ඊ ළඟට රඟ පාන්නේ බ්ලයින්ඩ් චිත්‍රපටියේය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x