තරු කතා

නෙහාරා රට හැර යයිද?

මුතු කිරිල්ලී ටෙලි නාට්‍යය හරහා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඇය ඉතාමත් කෙටි කාලයකින් රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා ඒ තුළින් විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්න වාසනාවන්ත වෙච්චි කලාකාරිනියක්.

මේ වන විට රංගන ශිල්පිනියක් ඒ වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ඇය වැඩ කටයුතු කරනවා. ඊට අමතරව රූපවාහිනී වැඩසටහන් නිවේදනය කරන නිවේදිකාවක් වශයෙනුත් නෙහාරා පීරිස් ව පුංචි තිරය තුලින් දැක බලාගන්න අපිට අවස්ථාව හිමිවෙලා. නර්තනයට රංගනයට උපන් හපන් කම් කියන නෙහාරා විවාහ වෙන්නේ ක්ෂේත්රයේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමගයි.

විවාහ වුණාට පස්සේ ඔවුන් දෙදෙනාම විදෙස්ගත වෙනවා ඒකට මූලිකම හේතුව වසර ගණනාවක් ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරපු නිසා ඒ ජීවිතයට තාවකාලිකව හෝ විවේකයක් ලබා දෙන්න ඕනේ කියන තීරණය නිසයි. මේ විදිහට විදෙස්ගත වෙලා කාලයක් එහෙදි අධ්‍යාපන කටයුතු හදාරපු මේනක සහ නෙහාරා නැවත වතාවක් ලංකාවට එනවා.

ඔවුන් දෙදෙනා ඒ විදියට ලංකාවට එන්නේ සති දෙකක් විතර මෙහේ ඉඳලා ආපහු රට යන්න. නමුත් ශ්‍රී ලංකාව තුලදී ඔවුන්ට ලැබුණු ඒ පිළිගැනීම සහ ප්‍රේක්ෂක ආදරය එදා වගේම අදටත් තියෙනවා දැක්කහම මේනකට සහ නෙහාරට ආපහු රට යන්න හිතිලා නැහැ. ඒ නිසා ඔවුන් දිගටම ලංකාව තුළ රැඳිලා මේ වන තෙක් කටයුතු කරනවා.

මේනක රාජපක්ෂ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය තුළිනුත් අපිට අද වෙද්දි දැකබලා ගන්න පුළුවන් කෙසේ නමුත් මේ පුංචි පවුල අද වන විට ඉතාමත් සතුටින් කාලය ගත කරන්නේ මේ පවුලට අලුතින් එකතු වෙච්චි ඒ ආදරණීය දූ සිඟිත්ත නිසයි. ඇය නමින් මේලි නිකොලා රාජපක්ෂයි.

නෙහාරා සඳහන් කරන්නේ මේ වෙද්දි ඇගේ මුළු ජීවිතේම ආදරණීය දියණිය වෙලා කියලයි. ඒ නිසාම ඇගේ අනාගතය පිළිබඳව ඇය එක්තරා දවසක යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට සහභාගි වෙලා අදහස් දැක්වූවා. මෙහිදී නිවේදකයා අහනවා ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ ඉන්න බලාපොරොත්තු වෙනවද කියලා ඒ අවස්ථාවේදී දරුවා පිළිබඳව සඳහන් කරමින් ඒ ප්‍රශ්නයට නෙහාරා පිළිතුරු පිළිතුරු දුන් ආකාරය පහතින් උපුටා දක්වා ඇත.

“දැන් රට යන්න අදහසක් කියලා නැහැ සමහර වෙලාවට බබාගෙ අනාගතය බබාගේ අධ්‍යාපනය ගැන හිතුවාම දැන් මේ අහන්න තියෙන දේවල් එක්ක බැලුවහම හිතෙනවා එයාට මෙහෙ අනාගතය ක් තියෙද කියන ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් අපි බලමු නේද මේ තියෙන තත්වෙන් කොහොම හරි ගොඩ එන්න හැකියාව තියෙනවා නම් එහෙම යන්න අවශ්‍යතාවක් නැහැ. ගොඩක් අය එහෙම හිතන්නෙ ලංකාවෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසානෙ. නමුත් දැනට රට යන්න තීරණය නැහැ.”

ඇය ඒ ආකාරයට තමා අදහස් ඉදිරිපත් කළේ. ඉතින් මේ සුන්දර කලා කාරිණියගේ සියලුම බලාපොරොත්තු එයාකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරනවා.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x