තරු කතා

අරගලබිමට ගිය සනත් කියූ දේ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තරය දක්වා ගෙන යෑම සඳහා ඇප කැප වුණු දක්ෂ ක්‍රීඩකයෙක් තමයි සනත් ජයසූරිය කියන්නේ. වර්ෂ 1969 ජුනි 6 වන දින උපත ලබන මේ සුන්දර ක්‍රිකට් තරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් වශයෙන් ද කටයුතු කළා. ඕල් රවුන්ඩර් කෙනෙක් සහ සෑම තරගාවලියක ම ඉදිරි පෙළ පිති කරුවෙක් වශයෙනුත් සනත් ජයසූරිය ඔහුගේ සේවාව ලංකා ක්‍රිකට් කණ්ඩායමට නොමදව ලබා දුන්නා.

ඒ නිසාම තමයි අදටත් ගොඩක් දෙනෙක් සනත් ජයසූරිය කියන චරිතයට මේ තරම් ආදරය කරන්නේ.මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු අරගෙන ඒ ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරි පරම්පරාවට ශක්තියක් ධෛර්යයක් වන ඔහු බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි වැඩපිළිවෙළවල් පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් කළා.

එදා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කරලා කොහොමහරි ජයග්‍රහණයක් ගේන්න ඕනි කියන බලාපොරොත්තුව ඇතුව රට ජාතිය වෙනුවෙන් සෙල්ලම් කරපු මේ සොඳුරු ක්‍රීඩකයා අදටත් ලංකාව පිළිබඳව ඒ විදිහටම තමයි හිතන්නේ පතන්නේ.

අන්න ඒ නිසාම වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙ ආර්ථිකමය අර්බුදකාරී තත්ත්වය නිසා පවතින දේශපාලන තත්ත්වයට විරුද්ධව තමන්ගේ විරුද්ධ මතය ප්‍රකාශ කරන්නත් සනත් ජයසූරිය තරුණ තරුණියන් සමඟ එකතුවුණු පුවතක් සමාජ මාධ්‍ය වෙත වාර්තා වෙනවා.

ඒ වගේම ඔහු තමන්ගේ මුහුණු පොත හරහා මේ අර්බුදකාරී තත්ත්වයට විරුද්ධව අදහස් ඉදිරිපත් කරලා තිබුණු අතර තමන්ගේ fb ගිනුමේ ප්‍රොපයිල් පික්චර් එක විදිහට කළු කොඩියක් ඔසවා තබන්නටත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔහු මේ විරෝධතාවය වෙනුවෙන් මුහුණු පොත හරහා ඔහුගේ අදහස ද ඉදිරිපත් කලා.

එහිදී වැඩිදුරටත් සනත් ජයසුරිය සඳහන් කරන්නේ අපි හැමෝම මේ කියන දේ බලධාරීන් අහන්න ඕනේ ඒ වගේම මේ දේවල් කරන්න කිසිම දෙයක් බලාගෙන නෙවෙයි රට වෙනුවෙන් කියලත් ඔහු සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී තරුණ තරුණියන් විසින් සිදුකරන සිදු කරන ඕනෑම දෙයක් වෙනුවෙන් ඔහු පුළුවන් ආකාරයෙන් ශක්තිය අනිවාර්යෙන්ම දෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම සමස්ත ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනා මේ වෙලාවේ එකට එකතු වෙලා මේ වෙනුවෙන් ශක්තිය දෙන්න කියලා අවසානයේ සනත් ජයසූරිය මේ සටහන තුළින් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ ආකාරයෙන් ඔහු මුහුණු පොතට පළ කල සටහන පහතින් උපුටා දක්වා ඇත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x