තරු කතා

මේ වෙලාවේ රට දාලා යන එක නෙවෙයි කල යුත්තේ

අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම කවුරුත් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අංඡුමලා කියලා කියන්නේ. ඉතින් රංගනයට වගේම නර්තනයටත්, නිවේදනයටත් ඇය ඉතාම දක්ෂයි. කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට ආයෙත් පුංචි කාලයට යන්න එක අවස්ථාවක් ලැබුණොත් ඇය ඇයගේ චූටිම කාලයට යන්න ආසයිලු. ඇයට මතකේ නැති, ඇයගේ හුරතල්ම කාලයට යන්න ආසයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය අකුරු කියවන්න, ඇවිදින්න උත්සාහ කරපු කාලේ, අම්මාගේ අතින් අල්ලගෙන ඇවිදින්න හදපු කාලයට ඇය ගොඩක් ආසයිලු. ඉතින් ඒ වගේම ඇයගේ අම්මා මේ කාලේදීත් ඇයට මෙච්චර ආදරේ නම් පුංචි කාලේ ඇවිදගන්නත් බැරි ඇයට කොයි තරම් නම් ආදරේ කළාද කියලා ඇයට බලන්න ආසයිලු. අද ඇය වෙනුවෙන් මෙච්චර අම්මා කැපකිරීම් කරනවා නම් ඒ කාලේදී මොනතරම් ඇය වෙනුවෙන් කැපකිරීම් කළාද කියලා ඇයට බලන්න ආසයිලු.

ඉතින් ඒ වගේම නොහිතපු වෙලාවක ඇයව කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණොත් ඇය ඇයගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තව මහන්සි වෙනවාලු. ඉතින් ඒ වගේම ඇය මේ වනවිට ඇයගේ විශ්වවිද්‍යාල උපාධිය අවසන් කරලලු තියෙන්නේ. ඒ නිසා ඇය තව උසස් අධ්‍යාපනයේ නියැලෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ වෙද්දී ඇයට අවුරුදු විසි හයයිලු. මේ අවුරුදු විසි හයට මේ ක්ෂේත්‍රයත්, නර්තනය, රංගනය, නිවේදනය, රූපවාහිනී වැඩසටහනකට හෝ සජීවීව ගායනයෙන්ද, හඬ කැවීමෙන්ද, වෙළඳ දැන්වීම් වැනි හැම ක්ෂේත්‍රයකින්ම ඇය සම්බන්ධ වෙලා තියෙනවාලු.

ඉතින් ඒ වගේම ඇයගේ පාසැල් ජීවිතේදී ඇය ලිට්ල් ස්ටාර් තරගයට ගියපු කාලයේදී ඇයට වඩා වැඩිමල් අක්කලා, ඇයගේ වයසේ සමහරුන් ඇයට වෙනස්කම් කළාලු. පාසැලේ බහුතරයක් ඇයට ආදරය කරද්දී කිහිප දෙනෙක් ඇයට පුදුම වෙනස්කම්ලු කළේ. ඒකෙන් ඇයට පාසැල් යන එක එපා වුණා කියලයි ඇය කියන්නේ. හැබැයි ඒ වෙනස්කම් කිරීමම පුංචි ඇයගේ හිත හයිය කරන්නට අම්මා පාඩමක් විදිහට කියලා දුන්නාලු. ඉතින් පුංචි දරුවෙක්ට ඒ වෙනස්කම් කොහොම දරාගන්නද කියලා අද ඇයට හිතෙනවාලු.

ඉතින් ඒ වගේම ඇය වෙනත් භාෂාවක් ඉගෙන ගන්න ආසයිලු. ඒ නිසා භාෂා කිහිපයක් හොඳටම ඉගෙනගෙන පරිවර්තකයෙක් වෙන්න ඇය ආසයිලු. ඒ වගේම ඇය ජපන් භාෂාවට ගොඩක් කමතියිලු. ඇය උසස් පෙළට කලෙත් ජපන් භාෂාවලු. ඒ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලයට තේරෙනතුරු ඇය රත්නපුරේ ජපන් භාෂා පන්ති පවා පැවැත්වූවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම මේ රටේ තියෙන තත්ත්වය නිසා නම් ඇය විදෙස් ගතවෙන එකක් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේමමේ වෙද්දී ‘රාජිණී’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් ඇයත් රඟපානවාලු. ඉතින් ඒ වගේම ලංකාවේ ඉන්න කෙනෙක් නම් මේ රටේ මිනිස්සු වගේම මේ දේවල්වලට මුහුණ දෙන්න ඕනේ, මේ දේවල් එක්ක ගැටෙන්න ඕනේ කියලයි ඇය කියන්නේ.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x