69 ලක්ෂය වගා කරන්නට මම දායක නොවුනෙමි

ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රය තුළ ඉන්න දක්ෂ රංගධරයෙක් තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ. ඔහු සිනමාව එ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්රය ජය ගත්තු විශිෂ්ට කලාකරුවෙක් විදියට හඳුන්වන්න පුළුවන් චරිතයක්. ජැක්සන් ඇන්තනී ගේ මුළු පවුලම කලාවට සම්බන්ධයි ඒ කියන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ කුමාරි මුණසිංහ දක්ෂ ගායිකාවක් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඒ වගේම ඔහුගේ ආදරණීය දරුවන් තිදෙනා මේ වන විට රංගන ක්ෂේත්රය තුළත් සිනමාව තුළත් විවිධ වූ විශිෂ්ටතා දක්වමින් ඔවුන්ගේම අනන්‍යතාවයන් ගොඩ නංවා ගෙන සිටිනවා. ඒ විදිහට කලා ලෝකයට අති මහත් සේවාවක් ඉටු කරපු ජැක්සන් ඇන්තනි මහත්මයා බොහෝ අවස්ථාවන් වල දී ඉතිහාසය එවගේම කාලීන දැනුම් සම්භාරයකින් පරිපූර්ණ වූ චරිතයක් කියලා තමයි ගොඩක් දෙනෙක් හැඳින්නුවේ.
කෙසේ නමුත් වර්තමානය වන විට ජැක්සන් ඇන්තනී කියන චරිතයට බොහෝ පුද්ගලයන් දෝෂාරෝපණ එල්ල කරනවා. ඒ වගේම පසුගිය කාල වකවානුවක් තුළදී ඔහු දුටුගැමුණු පරම්පරාවේ උරුමකම් තියෙන කෙනෙකු විදිහට අතිගරු අග්‍රාමාත්‍යතුමා ව හඳුන්වාදුන් වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.
ඒ නිසාම බොහෝ දෙනෙක් ජැක්සන් ඇන්තනී කියන චරිතයට චෝදනා කරනවා ඔහු මේ පවතින ආණ්ඩුව වෙනුවෙන් වැඩ කටයුතු කරපු කෙනෙක් කියලා. ඉතින් ඔහු මේ විදිහට නිහඬවෙලා ඉන්න එක කලාකරුවෙක් විදිහට කොයිතරම් කොයි තරම් වැරදි ද කියලත් ඒ අතරින් ප්‍රශ්න කරලා තිබුණා. කෙසේ නමුත් ඒ සියලුම දේවල් වලට මුනිවත රකිමින් සිටි ජැක්සන් ඇන්තනී පසුගිය දවසක ඒ සියලුම දේ වෙනුවෙන් ඔවුන්ගේ මුහුණු පොතේ සටහනක් ඉදිරිපත් කරනවා. ඔහු ඒ ආකාරයෙන් මුහුණු පොතේ තැබූ සටහන පහතින් උපුටා දක්වා ඇත.