තරු කතා

මගේ තාත්තා තමයි මගේ ගායන හැකියාව හඳුනාගෙන ළමා වැඩ සටහන්වලට මාව අරන් ගියේ

ශෂිකා නිසංසලා කියලා කියන්නේ ගැමි සංස්කෘතිය සහ ඇයටම ආවේනික වෙච්ච අහිංසක සිනහවකින් මුව සරසා ගත් හරි අපූරු කලාකාරිනියක්. නිතර හරි චාම්ව විලාසිතා අනුගමනය කරමින් අඳින ඇඳුමේ ඉඳන් කතාබහ කරන වචනයේ පටන් ඇය අව්‍යාජ චරිතයක්. ඒ නිසාම වෙන්න ඇති පසුගිය දවසක එකම සම්මාන උළෙලක දී සම්මාන ද්විත්වයක් ම හිමි කර ගන්නට ඇයට වාසනාව ලැබුණේ.

ඒ කියන්නේ peoples awards සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ගායිකාව ට හිමි සම්මානය මේ වන විට නැවත වතාවක් ඇය දිනාගන්නේ පිට පිටම හත්වෙනි වතාව ටයි. ඒ වගේම ජනප්‍රියතම සහ හොඳම ගායිකාවට හිමි සම්මාන 22 ක් ඇය ලබාගෙන අවසන්. ශශිකා නිසංසලා කියන මේ නම සංගීත ක්ෂේත්රය තුළ ස්ථාපිත කරන්නේ ඇගේ ආදරණීය පියා. ඇය ඒ පිළිබඳව ඇය පුවත්පත් සාකච්චාවකදී අදහස් ඉදිරිපත් කරලා තිබුණේ මේ විදිහටයි.

“කුඩා කාලේ ඉඳන් මගේ ගායන හැකියාව හඳුනා ගත්තේ මගේ පියා පියාට මාව ගායිකාවක් කිරීමට අවශ්‍ය වුණා. ඒ නිසා පෙර පාසල් යන කාලේ ඉඳං ඔහු මාව වැඩසටහන් වලට අරගෙන ගියා හඳ මාමා වැනි ගුවන් විදුලි වැඩසටහන් මුතුහර වැනි රූපවාහිනී ළමා වැඩසටහන් වලට සම්බන්ධ වුනා. ඊට පස්සේ ගායන ක්ෂේත්‍රයේ තුළ ක්‍රියාකාරීව කටයුතු කළේ 99 තුරුණු ශක්ති තරඟය ජය ගැනීමෙන් පස්සේ.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x