තරු කතා
ජීවත් වීමට සුදුසු වටපිටාවක් අපි හමෝටම ඉක්මනින්ම උදා වේවා

ගායන ක්ෂේත්රයේ ඉන්න ආදරණිය චරිත නම් බොහොමයි. මව්පිය පාර්ශවයෙන් ලැබෙන හැකියාවන් උරුමකරගෙනම මෙලොවට පැමිණි දු දරුවන් බොහොමයක් සිටිනවා. කවින්ද්‍යා කියලා කියන්නේ එහෙම දරුවෙක්. සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අධිකාරිගේ ආදරණිය දියණිය තමයි ඇය. ගායිකාවක්, නිලියක් වගේම නිවේදිකාවක් ලෙසත් ඇය කටයතු කරනවා. ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම දිනාගත් ඇය අලුත් අවුරුදු සුබ පැතුමක් එක්කර තිබුනේ මෙලෙසින්,
සතුට සාමය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියලු දෙනාටම.. සිංහල දමිළ අලුත් අවුරුද්ද උනාට මේ පාර විශේෂයෙන් කිසිම ජාති භේදයකින් තොරව සමරන විශේෂ අවුරුද්දක් 2022 කියන්නේ. මේ සාමකාමීකම හැමදාටම රඳවාගෙන ලස්සනට, හිත සැනසීමෙන් සහ නිදහසේ ජීවත් වීමට සුදුසු වටපිටාවක් අපි හමෝටම ඉක්මනින්ම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.