තරු කතා

මම සම්බන්ධතාවලට බයයි

දුෂේනි මියුරංගි කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ නවක රංගන ශිල්පිනියන් අතර ඉතාමත් කෙටි කාලයකින් බොහෝ දෙනෙක්ගේ හදවත් දිනා ගත්තු දක්ෂ තරුවක්. පාර දිගේ ටෙලි නාට්‍යය තුළින් තමයි මේ සුන්දර චරිතය අප හමුවට ආවේ.

හරිම දක්ෂ නිහතමානී කලාකාරිනියක් විදිහට දුෂේනි කියන චරිතයට අද වෙද්දි ගොඩක් දෙනෙක් ආදරය කරනවා. ඇය දක්ෂ රංගන ශිල්පිනියක් නිසාම රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ඇගේ නමත් නිර්දේශිත නාමාවලියට තෝරා පත් කෙරුණේ.

හරිම සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන මේ සුන්දර චරිතය ඇත්තටම මතුපිටින් පේන කෙනාට වඩා හරිම වෙනස්. හිත හොඳ රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන්න පුළුවන් දුශෙනි පසුගිය දවසක එක්තරා යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට සම්බන්ධ වෙලා ජීවිතය ආදරය සහ අනාගත බලාපොරොත්තු පිළිබඳව හුවමාරු කරගත් අදහස් වලින් කීපයක් අපි ඔබත් සමග බෙදා ගන්න සූදානම්. ඉතින් ඇය ඒ වැඩසටහන තුළින් කියපු විශේෂිත අදහස් කීපයක් පහතින් දක්වා ඇත.

“විවාහයට මම කැමතියි. මම දරුවන්ට හරි ආසයි බබාලට හරි ආසයි. බබාලා පහකට හයකට ආසයි. විවාහයට ආසයි නමුත් මම සම්බන්ධතා වලට මිනිස්සුන්ට බයයි මොකද මිනිස්සු වෙනස් වෙනවා. ඒ වෙනස්වීම් එක්ක ගිහිල්ලා එක තැනකට එනවා මනුස්සයෙක් ලගට එද්දිත් බය හිතෙන.

හැබැයි ඒකත් එක්ක දැන් ජීවිතේ කාලයක් ඇවිල්ලා හැබැයි තාම බයයි. අපේ අම්මට ලොකු භයක් තියෙනවා මම තනියෙන් ඉඳියි කියලා. එයා දන්නවා එක තැනකදි මම බය උනා කියලා. ඒකත් එක්ක එයත් බයයි හැබැයි කවදා හරි කවුරුහරි එයි මගේ ජීවිතයට මගේ බය නැති කරන.”

ඒ වගේම ඒ වැඩසටහන තුළදී ඇය දිගින් දිගටම සඳහන් කළේ ආදරයේ ජීවිතය කියන තැන්වල දී ඒක නැති උනහම මිනිස්සු මානසිකව වැටෙනවා කියන දේ. නමුත් ඒ සියලුම දේවල් හරි ගස්සා ගෙන ඉදිරි අනාගත ජීවිතයට මුහුණ දෙන්න ඇය සූදානමින්. ඒ වගේම කලින් බොහෝ දෙනෙක් මේ ක්ෂේත්‍රයට ඇය අලුත් කෙනෙක් නිසා විවිධ ආකාරයේ ගැටළු සහගත තත්වයන් ඇති කළත් වර්තමානය වන විට ඒ කිසිම දෙයක් කණට ඇහෙන්නැති ගානට ඉන්න තරම් ශක්තිමත් හිතක් ඇයට ගොඩනැගිලා තියෙනවා කියලත් සඳහන් කළා.

ඒ සියලුම අභියෝග බාධක ජයගෙන රිදී තිරයටත් පැමිණ තමන්ගේ දක්ෂතාවයන් පෙන්නුම් කර දවසක දක්ෂතම සහ ජනප්‍රියම නිළියක් වෙන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x