තරු කතා

මමත් අම්මා කෙනෙක් වුණ කෙනෙක්

ශෙරිල් ඩෙකර් කියන්නෙ නිරූපණ ශිල්පිනියක් වගේ ම රංගන ශිල්පිනියක් ලෙසත් කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත කෙනෙක්.
ඇගේ ආදරණීය පෙම්වතා සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් කළ අයෙක්. ඔහු රුවන් හෙට්ටිආරච්චි. ශෙරිල් පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවට එක්ව ඇගේ ජීවිතේ ගොඩක් දේ බෙදා හදාගෙන තිබුණා.

මේ තියෙන්නේ ඇය කියූ සංවේදී කතාවක්.

“..මම ප්‍රෙග්නට් වුණ දවස.. හරි සතුටුයි.. දෙවියෝ මට ඒක දුන්නා. මොනා හරි හේතුවක් නිසා ඒක ගත්තා. දෙපාරක් මට ඒ දේ වුණා. මම එක දෙයක් කියන්න ඕනි. ගොඩක් ෆේස්බුක් එකේ මං ගැන දන් නැති, මගේ ජීවිතේ ගැන දන් නැති ගොඩක් අය මට අපහාස කරනවා. මම ඒ අය එක්ක තරහා නෑ. මම ඒවට ෆේස් කරනවා.”

“මමත් අම්මා කෙනෙක් වුණ කෙනෙක්. දන් නැතුව කිසිම ගෑනියෙක්ට ඇඟිල්ල දික් කරන්න එපා. විශේෂයෙන්ම පිරිමියෙක්ට වඩා ගෑනියෙක්ට වළ කපන්නෙ ගෑනියෙක්මයි. මට ගොඩක් අපහාස කළේ ගෑනු අය. කෙනෙක් බැන්ඳායින් පස්සෙ ළමයි හදයි. නැත්තම් නෑ. සමාජයට ඕනි විදිහට කන්න බොන්න බෑ…”

“මට කැමති නම් මම ළමෙක් හදනවා. නැත්තම් නෑ. මිනිස්සුන්ට ඒක තීරණය කරන්න බැහැ. ඇයි මේ මිනිස්සු අනිත් අයගේ ජීවිත ප්‍රශ්නයක් කරගන්නේ. මම හරිම අකැමැතියි වචනයෙන් මිනිස්සු රිද්දන්න. අපි කතා කරනකොට වචන හරි පරිස්සම්. මට කියලා තියෙනවා, ළමයි නැති ගෑනි, වඳ ගෑනි කියලා. ඕවා මට කියද්දි මම අඬන් නෑ. මොකද මම දන්නවා හොඳම දේ මට ලැබෙනවා. මම ඉවසීමෙන් බලන් ඉන්නවා. ගෑනියෙක්ට ළමෙක් නෑ කියලා කවදත් අපහාස කරන්න බෑ. ඒ පව ගෙවන්න බෑ..”

 

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x