තරු කතා

අරගලයට ගිය රොෂාන් රණවන කියූදේ

රොෂාන් රණවන නම කියු විට මතක් වෙන හැඩකාර දක්ෂ නිහතමානි මෙන්ම තරුණියන්ගේ සිහින කුමාරයෙක්. කලාවට ආ දින පටන් ඔහු තම නම ඉහළින් රදවගන්න සමත් වුන කෙනෙක්. රටේ පවතින තත්වය ගැන ඔහු සිය අදහස් දක්වලා තිබුණා. ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ.

දේශපාලනඥයන් හරියට අවංකව රාජකාරිය කෙරුවා නම් අපිටත් අපේ රස්සාව විතරක් කරගෙන ඉන්න තිබුනා.. කවදාවත්ම හිතුවේ නෑ රඟපාලා ගෙදර ඇවිත්, අරගල කරන්න යන්න වෙයි කියලා.. දේශපාලනය ගැන කවදාවත්ම කතා කෙරුවෙ නැත්තේ, එය මා අකමැති මාතෘකාවක් වගේම ඒ ගැන කතාකරන්නට තරම් දැනුමක්ද මා හට නෑ කියා මම විශ්වාස කරන නිසා..
දන්නේ මෙච්චරයි – අපි දුප්පත් රටක් නෙවෙයි, අපේ ධනය හොරාකාලා.. අපිට ඒවා ආපහු දියව්!!! ජනතාව විඳින්නේ විඳින්න ඕන දුකක් නෙවෙයි.. ජිවත් වෙන්න අපිට රටක් දෙන්න..
මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැද්ද ? මිනිස්සුන්ගේ දුක පෙනෙන්නේ නැද්ද ?
දැන් හොඳටම ඇති!
ජනතාවට ජය!!

Related Articles

1 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x