තරු කතා

ඡන්දෙ දුන්නෙ පිස්සු නටන්න නෙවෙයි

රජෙක් වුණත් බලුකම් කළොත් ඒවා පල දෙන දවසක් එනවා. අද මේ රටේ මිනිස්සු බඩගින්නේ. කිරිපිටි අද හැඳි ගාණට ගන්නේ. මේ රටේ මිනිස්සු ඔවුන්ගේ වටිනා ඡන්දය දුන්නේ මේ විදිහට පිස්සු නටන්න නෙමෙයි. අද රටේ ඉන්න මිනිස්සුන්ගේ දෙසිය විසිපහක් ඇරුණම අනිත් හැමෝම පාරට බැහැලා ඉවරයි. කවදා හරි ජනතාව එපා කියපු දවසට මම යනවා කියලා කියපු අය මුළු ජනතාවම මේ තරම් එපා කියද්දිත් තාම යන්නේ නැහැ. ඒ තරම් තණ්හාවක් ඇතිවෙලා. මොනවටද මේ තණ්හාව.

ඔළු ගෙඩි මාරු කර කර තාමත් අලුත් නාට්‍ය පෙන්වනවා. මේ රටේ මිනිස්සුන්ගේ එකම හඬට ඇයි කන් දෙන්නේ නැත්තේ? අද මේ තත්ත්වයට පාට පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලකයන් වගකියන්න ඕනෙ. එක එක අයගේ නම්වලින් ගිණුම්වලට දාපු සල්ලි මේ රටට ගේන්න. මේ රටේ මිනිස්සුන්ගේ කතා පෙනි පෙනී, අහ අහා ඒ අය කොහොමද තවත් සැප විඳින්නේ.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x