තරු කතා

මම කැමැති නෑ මිනිස්සු රවට්ටලා සැප විඳින්න

අනුශ්ක උදාන කියන්නේ ශ්‍රී ලංකාවේ youtubers ලා අතර වස්ති කියන සන්නාමය පියවරෙන් පියවර ජනතාව අතරට අරගෙන ආපු දක්ෂ පුද්ගලයෙක්. පුංචි කාලේ ඉඳන් හරියට ඉන්න තැනක්වත් නැතිව අනේකවිධ දුක් විඳගෙන ආපු මේ ගමන් මග තුළ අනුශ්කට අද සතුටු වෙන්න පුළුවන් තැනක ඔහු නතර වෙලා.

වස්ති කණ්ඩායම ඉදිරිපත් කරන සෑම වීඩියෝවක් ම මිලියන ගණන් නරඹන ප්‍රේක්ෂක පිරිසක් ඔවුන් වටා සිටිනවා. ඒ වගේම මේ විදිහට ඔවුන් යූටියුබ් මාධ්‍ය ජාලයෙන් උපයන මුදල් වලින් කොටසක් සමාජ සත්කාර සඳහා යොදවන්නත් අමතක කරන්නේ නැහැ.

අනුශ්ක උදාන සතු වැඩ කළ හැකි විශාල කණ්ඩායමක් සිටිනවා. අන්න ඒ නිසාම තමයි ඔහු ඉතාමත් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ වස්ති කියන නාමය කාටවත් අමතක නොවන නමක් බවට පත්කළේ. තාත්තත් නැතිව ආදරණීය අම්මා යටතේ පුංචි කාලේ ඉඳන් හැදී වැඩුණු ඔහුට නැති බැරිකම දුක වේදනාව හොඳට හුරු හුරුපුරුදුයි.

ඒ නිසාම වර්තමානයේ රට තුළ පැන නැගිලා තියෙන තත්ත්වය හමුවේ ඔහු ජනතාව එක්ක අත්වැල් බැඳගන්නවා. එක්තරා අවස්ථාවකදී අනුෂ්ක සඳහන් කරනවා ඔහුගේ වීඩියෝ තුළින් දේශපාලනය පිළිබඳව කතාකරද්දී බය නැද්ද ඔහොම කතා කරන්න කියලා අහපු කලාකරුවෝ හිටියලු. ඒ විදිහට සඳහන් කරපු කලාකරුවෝ අද අනිත් අය යනවට ද මන්දා බෝඩ් උස්සගෙන මහපාරේ ඉන්නවා දකින්න පුළුවන් කියලත් ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් බොහෝ පිරිසක් ජනතාව වෙනුවෙන් පෙනී සිටින මෙවන් සීමාවක වස්ති අනුශ්කත් ජනතාව වෙනුවෙන් විරෝධතාවය දක්වන්න ඒ භූමියට යනවා. ඒ වගේම තමයි ඔහු ඒ වෙනුවෙන් තමන්ගේ මුහුණු පොත හරහා ජනතාවට හදවතට දැනෙන්න හරි අපූරු සටහනක් එකතු කරනවා. ඒ සටහන පහතින් උපුටා දක්වා ඇත.

” මට 30 ටිකක් වයසයි..,,

මගෙ තාත්තා ජීවතුන් අතර නැහැ

මගෙ අක්කා විවාහ වෙලා ඩුබයි වල ඉතාම සතුටින් .,

අම්මාත් අක්කා ගාවට අදහෙට යනවා.,

මම කසාද බැදලා නැහැ.,

මට ළමයි නැහැ.,

මට රැකගන්න දෙයක් නැහැ.!!

මම උත්සහයෙන් දියුණු වේලා ., මේ රට ඇතුලේ සතුටින් නිදහසේ ජීවත් වුනා., කිසිම දේශපාලන පක්ශයකට කඩේ නොයා ස්වාදීනව. පහුගිය ජන්ද කාලේ හැම පක්ශෙකින්ම මාව සල්ලි වලට කඩේ යවන්න හැදුවා. උන්ට බලේට එන්න මාව ඉත්තෙක් කරගන්න. අදටත් මට දේශපාලනය කියන වචනේ නීරසයි ., මම කැමති නැහැ මිනිස්සුව රවට්ටලා සැප විදින්න. නමුත් එහෙම කරපු කලා කාරයෝ ඉන්නවා.එයාලා අද එලියට බහින්නෙ නැහැ.!

මට රොබට් ගුණවර්ධන මාවතේ ගෙවල් හම්බෙලා නැහැ. ආණ්ඩුවේ කිසිම event එකක් කරලා සල්ලි හම්බකරගෙන නැහැ.

මම පැදුරේ නිදාගෙන මේ තැනට ආපු එකෙක්., මගෙ ජීවිතේ මම ඕනවටත් වඩා වින්දා කාටවත් අසාධාරණයක් ගිණිගෙඩියක් නොදී..!!

හැබැයි මම මේ එළියට බැස්සේ මම වෙනුවෙන් නෙමේ., ඉස්සරහට මේ රටේ ජීවත්වෙන්න., ලෝකෙ වෙනස් කරන්න බලන් එන්න පොඩි නංගිලා මල්ලිලා වෙනුවෙන්. උන් මේ රටේ ජීවත් වෙන්න ඕනා. අපි වගේම පොඩි හරි සැපවත් ජීවිතයක් උන්ට ලබෙන්න ඕනා. උන් පෝලිම් වල තෙල්., ගෑස්.,හාල් හිගාකන්න ඕන උන් නෙමේ. නාකි උන්ට මේ අරගලේ තේරුමක් නැහැ උන් මේ රට කන්න උදව් කරලා ඉවරයි.!!

මට බැනපල්ලා ., මට නැතිවෙන්න දෙයක් නැහැ.,

හැබැයි මම මේ එළියට බැස්සේ මම වගේම සම්ප්‍රදාය වෙනස් කරන්න බලන් ඉන්න පොඩි උන් වෙනුවෙන්..!!

තාමත් උඹට රටේ ප්‍රශ්නේ නොතේරිලා උඩ බලන් ඉන්නවනම්

උඹ රාජපක්ෂ කෙනෙක්., සමාවන්න ..!! උඹ නිකමෙක්”

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x