තරු කතා

රාජපක්ෂලාට දුවන්නම සුමිරාන් කිව්ව සුපිරි කතාව

සුමිරාන් ගුණසේකර කියන්නේ මේ වෙද්දි කලා ලෝකය තුළ ඉන්න ප්‍රසිද්ධ චරිතයක්. ඔහු මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ වැඩසටහන් මෙහෙයවන නිවේදකයෙක් වශයෙන්. එතැන් පටන් දක්ෂතාවය ඔස්සේ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගත් සුමිරාන් මේ වන විට ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විදියටත් පුංචි තිරයෙන් දැක බලාගන්න අවස්ථාව උදා වෙලා.

ඔහු විසින් රංගනයේ යෙදෙන නීල පබලු ටෙලි නාට්‍යයේ ඒ අපූරු චරිතය නිසාම බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් සුමිරාන් වටා එකතු වුණා. මේ වන විට ඔහු විවාහ වෙලා ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අතර ආදරණීය පුතෙකුගේ සෙනෙහෙබර පියෙක් වෙන්නත් අවස්ථාව උදා වුණා.

මේ දිනවල කලාකරුවන් රැසක්ම තමන්ගේ වැඩකටයුතු සියලුම පස්සට දාලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් හඬ නගන්න මහපාරට ඇවිල්ලා ඉන්නේ. එවැනි වටපිටාවක් තුළ සුමිරාන් ගුණසේකරත් මතු පරපුපරපුර වෙනුවෙන් ඔහුගේ හඬ අවදිකරන්නට ජනතාවත් එක්ක එකතු වුණා.

මේ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කළ ඔහු සඳහන් කල දේ තමයි අපෙන් හොරාකාපු සල්ලි ටික අපිට දෙන්න කියන දේ. ඒ වගේම අගමැති තුමා දකුණු ආසියාවේ කෝටිපති යා වීමට තරම් වත්කම් රැස්කර ගත්තේ අහිංසක ජනතාවගේ මුදල් හූරගෙන කාල කියලත් මේ අවස්ථාවේ දී ඔහු ප්‍රකාශ කළා. සුමිරාන් ඒ පිළිබඳව මාධ්‍යයට අදහස් ඉදිරිපත් කළේ පහත ආකාරයටයි.

“තාමත් මේ පවුල වෙනුවෙන් හිත උණු වෙනවා නම් කඩේ යනවා නං ඒ තමන්ගේ දරුවා වෙනුවෙන් නෙවෙයි. පවුලක් වෙනුවෙන් රට වහන්න පුළුවන් වුණා නං දෙකෝටි විසිපන් ලක්ෂයකගේ රස්සාවල් නැති කරලා ගෙදරට වෙලා ඉන්න කියන්න පුළුවන් උනානම් ඒ පවුලට විරුද්ධව ඒ දෙකෝටි විසිපන්ලක්ෂයට ට නැගිටින්න පුළුවන් කම තියෙන්න ඕනේ.

මේක තමයි වෙලාව ඒකට ආයෙ වෙලාවක් එන්නේ නැහැ. අපි කියන්නේ මෙයාලට ගෙදර යන්න නෙමේ අපි කියන්නේ මේ පරම්පරාව ඇතුළු පිරිස හොරාකාපු හැම සතයක් ම අපිට ගන්න ඕනි. අපි ගත්තට පස්සේ ගෙදර ගියත් එකයි නැතත් එකයි ඒක ඔයගොල්ලො තීරණය කරන්න.

හැබැයි උන් අපෙන් හොරාකාපු හැම සතයක් ම අපි හම්බ කරගන්න ඕනි ඒක තමයි මගේ ප්‍රතිපත්තිය මම හිතනවා ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රතිපත්තියක් ඒක තමයි කියලා. අපි දුක් මහන්සියෙන් හම්බ කරන්නේ පවුලකට සැප දෙන්න නෙමේ අපි දුක් මහන්සියෙන් හම්බ කරන්නේඅපේ දරුවො වෙනුවෙන්. අපි හම්බ කරපු දේවල් වලින් හොරාකාලා උන් සැප ගන්නවනං ඒකෙන් අපිට වැඩක් නැහැ. මෙයාලට කොච්චර වත්කම් තියෙනවද අද වෙද්දී එයා දකුණු ආසියාවේ ලොකුම කෝටිපතියා වෙන්නෙ කොහොමද ඒ එයාලා හම්බකරගෙන නෙවෙයි අපෙන් හොරා කාලා ඉතිං ඒ සල්ලි ටික් අපිට දීලා ඕනි තූත්තුකුඩියකට යන්න පුළුවන්.”

සුමිරාන් මාධ්‍ය හමුවේ අදහස් ඉදිරිපත් කළේ ඒ විදිහටයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x