තරු කතා

යොහානිට ජනප්‍රිය ගායක ශෙහාන් කෞෂල්‍යගෙන් දැඩි විවේචන

“මගේ හිතේ ඔයා කෙරේ” ආදී ජනප්‍රිය ගීත රැසක් ම ගායනා කරපු දක්ෂ ගායකයෙක් තමයි ශෙහාන් කෞශල්‍ය කියන්නේ. සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න අනිත් බොහෝ කලාකරුවන් සමඟ ඉතාමත් සුහදව කටයුතු කරන ඔහු පසුගිය දවසක ජනතාව මුහුණ දීලා ඉන්න මේ අරගල තත්ත්වයට විසඳුම් හොයන්න ජනතාවත් එක්කම පාරට බැස්සා.

බොහෝ කලාකරුවන් සහයෝගය දක්වමින් තමන්ගෙ විරෝධතාවය මේ වෙනුවෙන් ප්‍රදර්ශනය කරද්දී යොහානි හෙවත් මැනිකේ මගේ හිතේ කියන ගීතය ගායනා කරලා ජාත්‍යන්තරය වසඟයට ගත්ත මේ සුන්දර තාරකාවිය ටිකක් නිහඬවෙලා හිටියා.

ඒ නිහඩතාවය පිළිබඳව බොහෝ ප්‍රවීනයන් ඇයට විවිධ දේ සඳහන් කරලා තිබුනා. රටක් ලෝකයක් ජාත්‍යන්තරයක් නියෝජනය කරපු ඇයට ඇයි බැරු තමන්ගේ රට ගැන කතා කරන්න කියන ප්‍රශ්නය බොහෝ අවස්ථාවන්වල දී ඔවුන් අතරින් පැන නැගුණා.

එවැනි වාතාවරණයක් පසුගිය දවසක යොහානි තමන්ගේ මුහුණු පොත හරහා රටේ ජනතාව වෙනුවෙන් සටහනක් එකතු කළා. ඇය සඳහන් කළේ එහෙම නිහඩ වෙලා හිටියේ දේශපාලනය ගැන කතා කරන්න දන්නැති නිසාත් පක්ෂයක් පාටක් වෙනුවෙන් ඇය වැඩ නොකළ නිසාත් කියලයි. ඒ වගේම ඇය hashtag එකක් භාවිතා කරමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා සදහනක් කළා.

නමුත් මේ ක්‍රියාව පිළිබඳ ජනතාවගෙන් ප්‍රසාදය හිමි වුණේ නැහැ ඇයට බොහෝ දෙනෙක් විරුද්ධව තමයි අදහස ඉදිරිපත් කරලා තිබුණේ. ඒ වගේම යොහානිගේ මුහුණු පොතේ අනුගාමිකයන් පිරිසද ද ක්‍රමයෙන් අඩුවීගෙන යනවා කියලත් කතාවක් සමාජය තුළ පැතිරෙනවා.

මේ දේවල් මේ විදියට වෙද්දි ෂෙහාන් ඇය දාපු ඒ පෝස්ට් එකට යටින් කමෙන්ට් එකක් ඉදිරිපත් කරනවා. කොහොමහරි ඔහු පස්සේ බලද්දි මේ කමෙන්ට් එක යොහානිගෙ මේ පෝස්ට් එක ඇතුලෙ නැහැ. ඒ කියන්නේ එක්කෝ ඒක ඩිලීට් වෙලා එහෙමත් නැත්නම් ඒක ඩිලීට් කරලා. අන්න ඒ නිසාම ෂෙහාන් ඉතාමත් සැර ප්‍රකාශයක් කරනවා

ඔහු මේ ප්‍රකාශය මුහුණු පොතේ තමයි පළ කරලා තිබුණේ. එය පහතින් උපුටා දක්වා ඇත.

“Yohani නංගියේ,

ඔයාගෙ පෝස්ට් එකට මම ඊයෙ රෑ දාපු කමෙන්ට් එක දැන් ටිකක් හොයාගන්න අමාරුයි. ඔයාගෙ ඇඩ්මින් ගෙ අතින් වැරදිලා ඩිලීට් වෙලා කියලයි මට හිතෙන්නෙ. මම ඒ වෙලාවෙම screenshot එකක් ගන්න අමතක කරෙත් නෑ.

ඔයා වගේම තවත් කලාවට සම්බන්ධ මිනිස්සු ගොඩකට අද වෙද්දි ලාදුරු හැදිල. ඔයා සහ සමහරක් සද්දෙ නැතුව ඉන්නකොට අපි දන්නව එළියට එන්නෙ ජොලි දෙයක් අරගෙන කියල. ඒක මේ වෙලාවෙ පාරෙ ඉන්න මිනිස්සුන්ට මරු.

මේ වෙලාවෙ සමහර ජනප්‍රිය මිනිස්සු ආණ්ඩුවෙ කුක්කො බවට පත් වෙලා මිනිස්සුන්ගෙ අරගලය දියාරු කරන්න බුරනව. ආණ්ඩුවෙ # එකේ ඉඳන්ම කැම්පේන්ස් වල නැට්ටෙ ඉඳන්ම ගොම. කැම්පේන්ස් කරන්නෙ ඔහොම නෙවෙයි කියල ඔයා එයාලටත් ඔයාගෙ කණ්ඩායමටත් කියල දෙන්න. ඔයා අහු වෙලා ඉන්න කැම්පේන් එකෙන් ඔයා නැත්තටම නැති වෙනව. එක්කො තාත්තගෙන් අහල reverse කරන්න.

ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ. නිස්සන්ක, දම්මික ඔයාගෙ ෆන්ඩ් එකට හෙට වෙද්දි සල්ලි ටික දාල දෙයි.

කම්බ හොරු ටිකක් කෝටි දෙකක අහින්සකයොන්ගෙ ආත්මය එළිපිට මරණව. උං කොහොමත් ප්‍රේත ආත්ම.

ඔයාගෙ, ඉරාජ්ගෙ ආට් එක මල කඳන් අහගෙන ඉන්නව ඇති. කොන්දක් තියන අනිත් මිනිස්සුන්ට ආත්මයක් තියන කෝටි දෙකක් ඕන ආපහු මේකෙ එකට ජීවත් වෙන්න.

කොන්ද පන තියන ආටිස්ට් කෙනෙක් වෙන්න,

නැත්නම් ඉන්දියාවටම යන්න “

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x