තරු කතා

පලවෙනි ෆිල්ම් එක රඟපෑවේ රුපියල් 5000කට

අපි හැමෝම ආදරේ කරන රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ. අතිශය සාර්ථක සිනමාපට රැසකට වගේම ටෙලිනාට්‍ය රැසකටත් රංගන දායකත්වය ලබාදුන් ඉසුරු මේ වනවිට නිවෙදයෙක් සහ වැඩසටහන් මෙහෙයවන්නෙක් විදියටත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් අපි හිතුවා හැමෝම ආදරේ කරන ඉසුරු එක්ක ටිකක් කතා කරන්න. ඉසුරු මොකද වෙන්නේ මේ දවස්වල ”විශේෂ වැඩක් නෑ, රංගනයෙන් දායකවුණ සිනමාපටයක් විකාශන කටයුතු ආරම්බ කරලා, ඒ වගේම මේ දවස්වල මම බාරගත්ත වැඩ ටිකක් කරගෙන යනවා. ඒ වගේම තව පිටපත් කිහිපයක් ලැබුනා ඒ ටික කියවලා බලන්න ඕන.”

ඔබ සිනමාට සම්බන්ද වෙන්නේ සිනමාවේ වීරයා වෙන්න හිතාගෙනද ” අනේ නෑ මට වීරයවත්, දුෂ්ටයාවත්, කවටයාවත් වෙන්න නෙවෙයි, ඇත්තටම කියනවනම් මට ඕන සිනමාවේ චරිතාංග නළුවා වෙන්න. මම දකිනවා ලංකාවේ සිනමාවතුල ඒ වගේ නළුවෙක් නෑ, ඒ අඩුව පුරවන්න තමයි මම උත්සහ කරන්නේ. මම දැනටමත් කරපු චරිත එකිනෙකට වෙනස් ඉතින් මම ඉදිරියටත් මේ මාවත දිගේම ඉදිරියට යාවි”

ඉසුරුගේ පලවෙනි සිනමාපටය පිලිබඳ තියෙන සුන්දර මතකය මොකද්ද ”මගේ පලවෙනි ෆිල්ම් එක ‘සයුර’ කියලා ෆිල්ම් එකක්. වසන්ත කුමාරවිල ප්‍රොඩිවුස් කලේ. සුදේශ් තමයි අධ්‍යක්ෂක වරයා විදියට කටයුතු කලේ. අද වෙනකන් සල්ලි දුන්නේ නෑ. ඇහුවට දෙන්නෙත් නෑ, එයාට ලැජ්ජත් නෑ. මම දන්න විදියට කාටවත් දීලා නෑ, එක දවසක් රුපියල් පන්දාහක් ඉල්ලගත්තා වාහනේට තෙල් ගහන්න. එච්චරම තමයි වසන්ත අයියාට සල්ලි හම්බවෙලා සතුටින් ඉන්නවනම් අවුලක් නෑ. මොකද මට ආඩම්බරෙන් කියන්න පුළුවන් මම පලවෙනි ෆිල්ම් එක රඟපෑවේ රුපියල් පන්දාහකට කියලා”

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x