තරු කතා

රාජපක්ෂලාගේ වැරදි පෙන්නන්න තරම් තමන් පරිණත නැති බව යොහානි පිලිගනී

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ජාත්‍යන්තරය දක්වා අරගෙන ගියපු දක්ෂ ගායිකාවක් තමයි යොහානි කියන්නේ ඇය විසින් cover song එකක් විදියට ගායනා කරපු මැනිකේ මගේ හිතේ කියන ගීතයට ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරය විවිධ රටවල් වලිනුත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණා.

ඒ වගේම අපේ අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවෙනුත් ඇයට මිලියන ගණනක ජනතාවගේ ආදරය එක රැයකින් දිනා ගන්න අවස්ථාව ලැබුණා. ඉන්දියාවේ ඒ වගේම ජාත්‍යන්තරය පිළිගත් තවත් රටවල් වල නළු නිළියන්ගෙන් ගායක ගායිකාවන් ගෙන් ඇයට ලැබුණු ඒ පැසසුම් නිසාම යොහානි කියන නාමය අද වන විට විටත් ජාත්‍යන්තරය තුළ බැබළෙන නමක් බවට පත්වෙලා.

මේ විදිහට ජාත්‍යන්තරය තුල ප්‍රසිද්ධ වූ කලාකරුවන් අපට ඉන්නේ බොහොමයයි. අන්න ඒ නිසාම වර්තමානයේ රට තුළ පැන නැගිලා තියෙන තත්ත්වය පිළිබඳව මේ විදිහට ප්‍රසිද්ධ තරු වලට කතා කරන්න පුළුවන් කියන මතයක් සමාජය තුළ තියෙනවා. ඒ නිසාම ජනතාව අතර ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් පසුගිය දවස්වල පාරට බැස්සා ඒ වගේම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මේ විරෝධතාවය වෙනුවෙන් සහයෝගය දැක්වූවා.

ඒ කෙසේ නමුත් බොහෝ කලාකරුවන් සඳහන් කළා ජාත්‍යන්තරය තුල මිලියන ගනනකගේ ආදරේ දිනාගත්ත යොහානි ඇයි තාමත් සද්ද නැතුව ඉන්නෙ ඇයි ජාතිය වෙනුවෙන් මුකුත් කියන්නේ නැත්තේ කියන දේ. ඉතින් ඒ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය තමන්ගේ මුහුණු පොතේ ඔන්න දේශපාලනය වෙනුවෙන් කතා කරේ නැත්තේ ඇයි ඒ වගේම දැන් ඒ ගැන කතා කරන්නේ ඇයි කියන ප්‍රශ්න වලට පිළිතුරු දීර්ඝ සටහනකින් එකතු කරලා තිබුණා. ඉතින් ඒ සටහනෙව් උපුටාගත් උපුටාගත් සම්පූර්ණ අදහස පහතින් දක්වා ඇත.

“ආයුබෝවන් ! ඇඟ බේරා ගැනීමට නොවෙයි. අවසානය වන තෙක් කියවන්න. අපේ රට ගැන ජාත්‍යන්තරය ඍණාත්මකව දැකීම අවම කර ගන්න මෙම සටහන සිංහලෙන් ලිකිතව තැබීමට කල්පනා කලෙමි. මමත් ඔබත් සමගයි. මේ මොහොතේ ලංකාවේ නැති වුණත් ඔබේ අරගලය මගෙත් අරගලයයි.

නිහඬව සිටියේ ප්‍රතිපත්තියක් ලෙස, දේශපාලනය ගැන කතා නොකරන බැවිනුත් , දේශපාලනය ගැන සැලකිය යුතු දැනුමක් නැති බැවිනුත් , එක දාගන්න විතරක් අරගලයට සම්බන්ද වීමට අකමැති බැවින්ය. නමුත් අපේ රට පන නැංවීමට අලුත් දූරදර්ශී නායකයන් පිරිසක්ද, එය පිලිවෙලින් කිරීමට විෂය පිලිබඳ උගත් විශේෂඥ පිරිසක්ද අවශ්‍ය බව මම පෞගලිකව විශ්වාස කරමි. කාටවත් ඇඟිල්ලක් දික් කර වැරදි පෙන්නන්න පරිනත නැති බැවින්, මේ අරගලයේදී මමත් ඔබ සමගයි පමණක් කියමි.

ඔබෙත් මගෙත් අනාගතය සුරකින්න ඕන නායකයින්, දේශපලකයින් ඔවුන්ගේ වගකීම සහ යුතුකම් පැහැර හැරීම හේතුවෙන් මගේ රට පත්ව තිබෙන තත්වය ගැන ඔබට දැනෙන වේදනාව මටත් නොඅඩුව දැනෙනවා.

මමත් මගේ කණ්ඩායමත් නිර්මාණකරුවන් විදිහට පමණක් කටයුතු කරන පිරිසක්. ඇතැම් උත්සව අවස්ථා වල දේශපාලකයන් මුණ ගැසී, ඔවුන් සමග කතා බහ කර තිබුනත්, මමත් මගේ කණ්ඩායමත් කිසි විටෙක දේශපාලන පක්ෂයක් සමග කටයුතු කර නැති බව වගකීමෙන් ඔබට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. දේශපාලනය නිසා කිසියම් ප්රතිලාභයක්ද ලබා නැත. මගේ පියා ගැන ආටෝප ලිවීමට අවශ්‍ය නැත.

මමත් මගේ කණ්ඩායමත් තරුණ වෘතිමය නිර්මාණකරුවන් පිරිසක්. 2019 අප්‍රේල් මාසයේ සිට ඔලුව උස්සන්න හදන පිරිසක්. ඉදිරි මාස 6දී ලංකාවේ සැලසුම් කර තිබු වෘතිමය කටයුතු කිසිවක් කිරීමට පරිසරයක් නැති වීම ගැන කණගාටු වෙමු.

අපිට දැනෙන වේදනාව, එදා වේල හොයාගන්න බැරි අම්මලා , තාත්තලට , ඉස්කෝලේ යන්න බැරි නංගිලා, මල්ලිලාට , බෙහෙත් හොයාගන්න බැරි ආච්චිලා , සීයලාට දැනෙන විදිහ මට හිතා ගන්න බැහැ.

ඔවුන් වෙනුවෙන් යමක් කරන්නයි කල්පනාව. අපේ පිටරට සිටින රසිකයන් , මිතුරන් එකතු කරගෙන විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියනයක් සමූහ අරමුදලක් ලෙස එකතු කර , ලංකාව තුල ආහාර සහ ඖෂධ සඳහා වැය කිරීම සඳහා පරිත්‍යාග කිරීමට ක්‍රියා මාර්ගයක් හදමින් සිටිමු. වැඩ කරන අතර , මගේ යු ටියුබ් නාලිකාවේ සහ අනෙකුත් ස්ට්‍රීමින් නාලිකා වල ඉදිරි මාස 3 ආදායම මේ සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙමි.

මගෙත් එක්ක මේ ක්‍රියාවලියට “ෆෝ ශ්‍රී ලංකා” පදනම එකතු වී ඇත. අපි වැඩක් කරන්න හදන තරුණ පිරිසක්. ඔබේ සහය බලාපොරොත්තු වෙමු. අඩුපාඩු පෙන්වා දෙන්න.

ජය!

කෙල්ල””

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x