තරු කතා

සොනාලී ටීචර් ලංකාවෙන් යන්න හදයි

හිමායා බණ්ඩාර කියන්නේ කළා ලෝකයේ ඉන්න දිදුලන තරුවක්. වසර ගණනාවක් කළා ලෝකයේ සිටියත් හිමායා ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුනේ දෙරණ නාලිකාවේ විකාශනය වුන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍ය හරහායි, පසුව ඇය ටෙලිනාට්‍ය ගණනාවකටම සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා. ඉතින් අපේ මේ කතාබහ හිමායා බණ්ඩාර සමග.

හිමයට පුංචි කාලෙට යන්න අවස්තාවක් ලැබුනොත් ඔබ යන්නේ මොන කාලෙටද ”අම්මෝ එහෙම චාන්ස් එකක් දුන්නොත් මම යන්නේ මගේ හයේ ඉඳන් පහළොව අතර කාලයට, මොකද ඒ කාලේ මම ගොඩක්ම දඟයි. පුදුම දාංගලයක් තිබ්බේ ඒ කාලේ. ඒ නිසා ඒ කාලෙට යන්න තිබ්බනම් මම සෙල්ලම පොඩ්ඩක් අඩු කරලා හොඳට ඉගන ගන්නවා. මම ඒ කාලේ පාසල් තුනක ඉගන ගත්තා පොඩි කාලේ මම හරියට කොල්ලෙක් වගෙයි. මම ගස් නැංගා. සෙල්ලම් ගෙවල් හැදුවා. ඇළේ දොළේ පැන්නා. මම තරම් ළමා කාලේ විඳපු කෙනෙක් නැති තරම් එතරම් විනෝදයි ඒ කාලේ”

හිමායා කියන්නේ ජනප්‍රිය චරිතයක් ඉතින් ඔබට දේශපාලනයට එකතු වෙන්න ආරාධනාවක් ලැබුනොත් මොකද කරන්නේ. ”මම තියා මෙගේ දුවිල්ලක් වත් දේශපාලනේට එකතු වෙන්නේ නෑ. මිනිස්සුන්ට උදවු කරන්න දේශපාලනේට එන්න ඕන නෑ, මම ලොකුවට සල්ලි හම්බ කරලා තියෙන කෙනෙක් නෙවෙයි මට තියෙන්නේ මේ තියෙන ජනප්‍රියත්වය විතරයි හැබැයි මම මට පුළුවන් විදියට මිනිස්සුන්ට උදවු කරනවා.”

කලාවට අමතරව හිමායාට වෙනත් ක්ෂේත්‍රයක් හදාරන්න අවස්තාවක් ලැබුනොත් හදාරන විෂය මොකද්ද ”ඇත්තටම මම තාරකා විද්‍යාව හදාරන්න ගොඩක්ම ආසයි. ආසාව තිබුණට ඒකට මට ලොකු දැනුමක් නැහැ. මම ගණන් විෂයට හරි දුර්වල ළමයෙක්. හැබැයි මම ඒ විෂට ගොඩක්ම ආසයි, දටත් මම නාසා එකට සම්බන්ධ බොහෝ දේවල් අන්තර්ජාලය ඔස්සේ බලනවා.”

ඔබට හොඳ රටකට පදිංචියට යන්න අවස්තාවක් ලැබුනොත් මොකද කරන්නේ ”කොහොමත් මේ යන තත්වේ එක්ක ලංකාවේ ඉඳලා බෑ. වෙනත් රටකට යන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා එහෙම චාන්ස් එකක් ලැබුනොත් මම අනිවාර්යෙන් ලංකාවෙන් යනවා. මොකද ඒක හැමෝටම ලැබෙන්නේ නැති චාන්ස් එකක්..”

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x