තරු කතා

තවත් අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් තනා දුන් කුමාර් ධර්මසේන

ක්‍රිකට් ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන ආදරණීය චරිතයක් තමයි දේශබන්දු කුමාර් ධර්මසේන කියන්නේ. ඉතින් මේ සුන්දර පුද්ගලයා ශ්‍රී ලංකාව තුළ මේ වන විට කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙලා තියෙන්නේ ඔහු විසින් ආරම්භ කරපු විවිධ වැඩපිළිවෙලවල් නිසයි.

වර්ෂ 1971 අප්‍රේල් 24 වන දින කොළඹ ප්‍රදේශයේ උපත ලබන ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එහිදී ක්‍රිකට් ක්‍රීඩාව හරියාකාරව හදාරා වර්ෂ 1994 දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට ජාත්‍යන්තර තරගයක් නියෝජනය කරනවා. මේ විදිහට ක්‍රිකට් ලෝකය තුළ නොමැකෙන මතක සටහන් රැසක් තබපු ඔහුට ගොඩක් දෙනෙක් ආදරේට කතා කරේ උනන්දුවා කියලයි.

පසුකාලීනව කුමාර් ධර්මසෙන ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුවරයෙක් විදිහටත් කටයුතු කළා. ඉතින් මේ සොඳුරු චරිතය නිරන්තරයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන්නා වගේම ශ්‍රී ලාංකේය ජනතාවගේ සුබසෙත උදෙසා නොයෙකුත් වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරලා තියෙනවා.

ඒ අතරින් ඔහු ආරම්භ කරපු වැඩසටහනක් තමයි අඩුආදායම් පවුල්වලට නව නිවසක් තැනීමේ උතුම් කර්තව්‍යය. ඉතින් මේ වෙද්දි මේ ක්‍රියාව බොහෝ සෙයින් සාර්ථක වෙලා තියෙනවා. එදාවේල වත් කන්න නැතුව දුක් දුක් විඳින මිනිසුන් අතර හිසට වහලයක් වත් නැති මිනිස්සු කොයි තරං කොයිතරම් ඉන්නවද.

ඉතින් ඒ අහිංසක ජනතාවගෙන් කීප දෙනෙක් වෙනුවෙන් හෝ ඔහුට උදව්වක් කරන්න හැකියාව තියෙනවා නං ඒක තමයි උතුම් මිනිසත් බව කියන්නේ. මේ නිසාම කුමාර් ධර්මසේන කියන මේ සොඳුරු ක්‍රිකට් ක්‍රීඩකයාට හැකියාව ලැබුණා ඔහුගේ උපන් දිනය යෙදෙන මේ මාසයේ දී ම ශ්‍රී ලංකාවේ තවත් පවුලක් සතුටු කරමින් ඔවුන්ට අනගි නිවහනක් දායාද කරන්න.

මෙ සොඳුරු අවස්ථාවට ඔහුත් සහභාගි වූ අතර තමන්ගේ මුහුණු පොතේ ඒ වෙනුවෙන් සටහනක් ඉදිරිපත් කළේ පහත ආකාරයටයි.

“මගේ උපන්දින මාසයේ දී ම තවත් එක් ශ්‍රී ලාංකීය පවුලක් සතුටු කිරීමට ලැබීම මහත් වාසනාවක් කොට සලකනවා.”ඔහු ඒ විදිහට අදහස් දක්වපු අතර මේ උතුම් ක්‍රියාව සඳහා බොහෝ දෙනෙක් කුමාර ධර්මසේනට හදවතින්ම ස්තූතිවන්ත වුණා ඉතින් ඔහු කරන කියන සියලු ම කටයුතු ඉදිරියේදී සාර්ථක වී නිරෝගී ජීවිතයක් අත්පත් කරගැනීමට වාසනාව උදා වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

 

 

Related Articles

2 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x