විවාහ වෙන්න ඕනේ ඒකට මට හදිසියක් නැහැ

දිනිති වල්ගමගේ කියන්නේ පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණු ආන්දෝලාත්මක චරිතයක්. විනෝදෙට වගේ රංගන කටයුතුත් එක්ක එකතු වෙලා ඉන්න දිනිති ප්‍රධාන වෘත්තිය විදිහට කරන්නෙ ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන එකයි.
මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ආදරය ඔස්සේ විකාශය වන ආෂාවරි චිත්‍රපටය හරහා දිනිති වල්ගමගේ කියන මේ රංගන ශිල්පිනිය අපිට දැක බලාගන්න අවස්ථාව උදා වෙලා. ඒ සිනමා නිර්මාණය සඳහා ඇයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේ වෙද්දී ලැබෙනව ඒ වගේම මේ දිනවල ගුවන් සේවයේ රැකියාවක් එක්ක නැවත වතාවක් එකතු වෙලා ඉන්න නිසා ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ඇය ගත කරනවා කියලා ආරංචියි.
පසුගිය කාලය පුරාවටම ඇය සමාජ මාධ්‍ය කළඹමින් විවිධ දේවල් එකතු කරලා තිබුණා. ඉතින් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදියටයි.
“මම නං ඒ විදිහට කළඹන්නේ නැහැ. මම සහභාගි වු වැඩසටහන් එහෙම බලලා මොකක් හෝ තැනක් අල්ලගෙන සමාජ මාධ්‍ය විවිධ දේ පල වෙනවා. හැබැයි ඉතින් ජනතාව හරි දේ තීරණය කරාවි. මම මෙහෙමයි මම වැරදි නැහැ අරවා මේවා කියලා මම මොකටද ඒවට උත්තර දෙන්න යන්නේ. අපිට සමාජ මාධ්‍යයේ සියලුම දෙනා සතුටු කරවන්න බැහැ මොකද හැමෝම සතුටු කරවන්න මම අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් නෙවෙයි. ඒ නිසා සමාජ මාධ්‍ය පළවෙන ඒ දේවල් වෙනුවෙන් මම ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. ඒවා මගේ ප්‍රශ්න නොකර ගන්නා තාක් මට සතුටින් ඉන්න පුළුවන් “
මේ වන විට දිනිති ජෛව තාක්ෂණ අංශයෙන් උපාධියකුත් හදාරලා අවසන්. ඊට පස්සේ එහි ශාස්ත්‍රපති උපාධිය ආරම්භ කරන්නත් ඇය සූදානමෙන්. මේ දිනවල දිනිති ගෙන් වැඩිපුරම අහන ප්‍රශ්නයක් තමයි රස්සාවකුත් තියෙන එකේ පරස්තා වක් කර ගන්නේ නැද්ද කියලා. ඒ සඳහා ඇය පිළිතුරු දුන්නේ මේ විදිහටයි.
“අපේ ගෙදරින් මට එහෙම බල කරන්නෙ නැහැ. ප්‍රොපෝසල් නම් ඕනතරම් වෙනවා මම මතුපිටින් පණ්ඩිත වුණාට මගේ ඇතුළාන්තයේ ඉන්නේ හරිම සංවේදී කෙනෙක්. ඒ කියන්නේ මම හරිම සංවේදී චරිතයක් ඒ නිසා මාව හරියට තේරුම් ගත්ත කෙනෙක් එක්ක කවදාහරි විවාහ වෙන්න ඕනේ ඒකට මට හදිසියක් නැහැ.”
විවාහය ගැන අහද්දි ඇය ඒ ආකාරයෙන් තමයි පිළිතුරු දුන්නේ. ඉතින් දිනිති හිතන ආකාරයෙන්ම ඇයට හිත ගත්තු ආදරණීය චරිතයක් හමුවේවා කියා අපේ සුබ පැතුම් එක් කරන්නෙමු.