තරු කතා

කඩවසම් පෙනුමක් තියෙන්නේ ධනුෂ්ක ගුණතිලකට

‘රැල්ල වෙරළට ආදරේයි’ ටෙලි නාට්‍යයේ දකින අමන්දා ජයරත්න වර්තමානයේ සිටින දක්ෂ, සුන්දර, යොවුන් රංගන ශිල්පිනියකි. නිතරම කලා තොරතුරු මෙන්ම පෞද්ගලික තොරතුරු ඇයගෙන් විමසන නිසාම ‘සාරවිට’ අපි මෙවර ඇයගෙන් වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ඒ ඇය වඩාත් කැමති ක්‍රිකට් ක්‍රීඩාවට අදාල ප්‍රශ්න කිහිපයක්.

ක්‍රිකට් ක්‍රීඩාවට අමන්දාගේ තියෙන්නේ මොන වගේ කැමැත්තක්ද?

තෙරේන කාළේ ඉඳලා ක්‍රිකට් තරග නරඹනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලයේ ක්‍රීඩා කරපු හැම ක්‍රිකට් තරගයක්ම වගේ මම නරඹලා තියෙනවා.

ක්‍රිකට්වලට අමතරව වෙනත් ක්‍රීඩාවලට ඔබ කැමැත්තක් නැද්ද?

නැහැ. ක්‍රිකට්වලටත් මගේ කැමැත්ත ඇති වුණේ මෑතකදී නිසා වෙනත් ක්‍රීඩාවක් කෙරෙහි මගේ අවධානය යොමු වුණෞ නැති තරම්.

නරඹපු හොඳම ක්‍රිකට් තරගය මොකක්ද?

එහෙම හොඳම තරගයක් කියලා මගේ මතකයේ නැහැ. නමුත්, මම ගොඩක් වෙලාවට බලන්නේ පන්දුවාර විස්සයි 20 තරග. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර කිහිපයේදී ජයගත් සියලුම විස්සයි 20 තරග මගේ මතකයේ තියෙනවා.

කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවාද?

ඔව්, මම ධනුෂ්ක ගුණතිලකට කැමතියි. ඔහුට කැමති වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. එකක් ඔහු ක්‍රීඩා කරන කොට අමුතුම ආකාර්ශණයක් බවක් තියෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයෝ පුද්ගලිකව ඔබට මුණ ගැහිලා තියෙනවාද?

නැහැ. කවමදාකවත්. නමුත්, ආසයි ඔවුන් එක්ක කතා බහා කරන්න.

ඔබේ ආදරවන්තයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවට ඔබ කැමතිද?

ක්‍රිකට්වලට කැමති වුණාට ක්‍රිකට් ක්‍රීඩකයෙක් මගේ ආදරවන්තයා වෙනවට මම කැමති නැහැ.

කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ධනුෂ්ක ගුණතිලක අතරින් කඩවසම් පෙනුමක් තියෙන්නේ කටද?

මට හිතෙන විදිහට ධනුෂ්ක ගුණතිලක. මම කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයාත් ඔහු නිසා මම ඒ උත්තරයට ඔහුගේ නම දෙනවා.

බුද්ධික සේනාධීර – සාරවිට වෙබ් අඩවිය. 

 

Related Articles

3 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x