විශේෂාංග

පක්ෂගාත රෝගීන් පණ දී නැඟිටුවන පාරම්පරික වෛද්‍ය විස්කම්

පුරාණ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව හෙළ වෙද පරපුරේ බොහෝදෙනාට අත්ගුණය පිහිටා තිබුණේ සංසාරගත පුරුද්දකින් ආවා වගෙයි. රෝගය හැදුණු හැටිත්, රෝග නිධානය තිබෙන තැනත් එයට කළ යුතු නිසි වෙදකමත් කරන දැනුම ලැබුණෙත් අත්දැකීම් සමඟයි.

පුරාණ වෙද පොත්වල සඳහන් එම දැනුම ප්‍රායෝගිකව අත්හදා බැලූ, වෙද පරපුරක් මේ රටේ තවමත් පැවැත එමින් තිබීම වාසනාවක්. බොහෝ අය සිතා සිටින්නේ ඇතැම් රෝග සුව කරන්නට බැරි බවයි. ඒ නිසාම සිත් වේදනාවෙන් රෝගී තත්ත්වයෙන්ම කල්ගත කර ඔවුන් මිය යනවා. නමුත් හරි වෙදකම කළොත් ඒ සියලු රෝග සුව කළ හැකිය යන්න මේ අය දන්නේ නෑ.

සෘෂිවරුන් අත්දුටු, දැහැන්ගතව සොයාගත් , ප්‍රායෝගික වෛද්‍ය ශාස්ත්‍රයේ අක්මුල් තිබෙන රටක් තමයි ලක්දිව. ලංකාද්වීපයේ හෙළ රජ දරුවන් පවා දැනුමැති සෘෂිවරුන් මෙන් පුරාණයේ ජන සුව පිණිස රෝගීන් සුවපත් කළේ ඒ දැනුමින්.

“අංශභාග” රෝගය හැදිලා, විඳවලා මියයන දහසකුත් එකක් රෝගීන් පූර්ණව සුවපත් කළ හැකි බව ඔබ දන්නේ නැතිවත් ඇති. අපට හමු වූ පාරම්පරික දැනුමින් හා අත්දැකීමෙන් පොහොසත්, පුරාණ වෙද පරපුරක, වෛද්‍යාචාර්යවරයකු වන මහනුවර, අංකුඹුර, රාමකොටුව නම් ඉපැරැණි ප්‍රදේශයේ පදිංචි එහි සිටද වෙදකම් කරන, වෛද්‍යාචාර්ය ජයන්ත බණ්ඩාරයන් පූර්ණ හා අර්ධ වශයෙන් අංශභාගයට ලක්වූවන් සුව කළ, සුවපත් කරමින් සිටින අත්දැකීම් බහුල වෛද්‍යාචාර්යවරයකු වශයෙන් අංශභාග රෝගය ගැන පැවසුවේ මෙවැන්නකි.

“බොහෝ රෝගීන් අප වෙත එන්නේ සියලු බලාපොරොත්තු අත්හැර දමා තිබුණු මොහොතකයි. කාලයක් ඇඳට වැටී අබ්බගාතයකු වශයෙන් සිටි මේ මිනිසුන් පූර්ණ නිල පරික්ෂාවකට ලක් කළාම අපට වැටහෙනවා වෙලා තියෙන දේ. වෙදකමට පෙර මේ නිවැරැදි පරීක්ෂාව අත්‍යවශ්‍යයි. හරියට නිල පරීක්ෂාව කළාම අපට තේරෙනවා. ශරීරයේ තදවුණු, ගැටගැසුණු, ගුළි වූ ස්ථාන කිහිපයක්. මේවා තමයි වෙදකමේදී වැදගත්ම තැන්. අපි ඒ තැන්වලට තෙල් සාත්තුවත්, නිවැරැදි නිල ශෘස්ත්‍රීය දැනුමත් එකතු කරලා සම්බාහනය කරනවා. අප්‍රාණික වූ නහර හා අවයව නැවත ප්‍රාණවත් වෙන්නේ එක දිගට දෙන මේ සත්කාරයන් අනුවයි. බලා ඉදිද්දීම ලෙඩාට පහසුවක් දැනෙනවා. හිර වූ ගල් වූ තැන් මෘදු මොළොක් වන සේ දැනෙනවා. ඒත් එක්ක ශරීරයට දෙන වටිනාම ඔසු මඟින් සිරුර තුළත් ප්‍රතික්‍රියා දැක්වෙන්න ගන්නවා. ඉතා ඉක්මනින් අංශභාග තත්ත්වය දුරු වී පූර්ණ සුවය ලැබෙනවා.

එක් අංශභාග රෝගියකු සදාකල් ඇඳටම වැටී සිටියා. බටහිර වෛද්‍යවරු කීවේ මේ රෝගියා ගලවා ගන්නට බැරි බවත්, ඔහු මිය යන බවත් පමණයි. මාතලේ මොරගහකන්ද ජල ව්‍යාපෘතියට අනුබද්ධව සේවය කළ වයස අවුරුදු 60ක් පමණ වූ “කළුබණ්ඩා” නම් රෝගියා සුවපත් වූ ආකාරය වෛද්‍යාචාර්ය ජයන්ත බණ්ඩාරයන් සිහිපත් කළේ මෙහෙමයි.

“මේ අප වෙත ගෙනා එක් රෝගියෙක් පමණයි. කළුබණ්ඩා මහතා වයස්ගතව සිටි නිසා එයාගේ ඥාතීන් පවා විශ්වාස කළේ නෑ ඔහුගේ දැඩි අංශභාග රෝගී තත්ත්වයෙන් අපට මුදා ගන්න හැකිවේවි කියලා. නිල පරීක්ෂාව කළාම වැටහුණා රෝග නිධානය තියෙන්නේ කොතැනද කියලා. අපේ හෙළ ඔසු කොතරම් බලවත්ද කියලා දැනගන්න නම් මේ රෝගියාම ඇති. නිල පරීක්ෂාවෙන් පසු අප ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ඇඟිලි තුඩුවලින් ඔසු සංයෝගයෙන් ශරීරය තුළට දෙන බෙහෙත්වලින් රෝගියා පණ ගැහී එන්න පටන් ගත්තා. විශ්මිත දේ නම් මැරෙනවාමයි කියා පැත්තකට කර දැමුණු මොරගහකන්ද ප්‍රදේශයේ කළුබණ්ඩා මහතා සතියක් ඇතුළත පූර්ණ සුවය ලැබීමයි. ඔහු නිරෝගීව, ක්‍රියාශීලීව සිටි කාලයේ මෙන් ඇවිදගෙන යන්න, නැඟිටින්න, තම කටයුතු කරගන්න පුළුවන් විධියටම නිරෝගී වීමයි. අනෙක අදත් ඔහු ඉතා නිරෝගීව කල්ගත කරනවා.”

ඔබට දැන නැතත් නොසිතූ පරිදි අංශභාග තත්ත්වයකට පත් නොවී සිටීමට වෛද්‍යාචාර්ය තුමන් දෙන උපදේශයකුත් තියෙනවා. ඒ මෙහෙමයි.

“දිනපතා හොඳින් ජලය පානය කරන්න. ඉදුණු කෙසෙල්, ගස්ලබු, කෙඳි සහිත ආහාර නිතරම ගන්න. මලමුත්‍රා හොඳින් පහවීම වැදගත්ම කාරණාවයි. උෟෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න. සිරුරේ බර අඩු කර ගන්න. ආහාරගත් විගස ස්නානය නොකරන්න. බණ්ඩක්කා, ධාන්‍ය වර්ග වැනි ගුණදායක ආහාරම ගන්න.

රත්නපුර අවට රෝගීන්ට බදාදා දින රත්නපුරේදී පෙ.ව 8.00 සිට 10.00 තෙක් හමුවීමට හැකියාව පවතී.

සුලක්ඛන ජයවර්ධන

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x