සෙනාලි මුහුණු පොතට එක්කළ නිර්භය සටහන

රංගන ක්ෂේත්රය තුළ ගැමි චරිත රැසකින්ම ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනු සුරූපී රංගන ශිල්පිනියක් විදිහට සෙනාලි ෆොන්සේකා හදුන්වන්න පුලුවන්. කෙටියෙන් කිව්වොත් මාලනී ෆොන්සේකා කියන ආදරණීය නැන්දනියගේ ආශිර්වාදය මත කලා ලෝකය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගත්තු ඇය මේ වෙද්දි ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
වර්තමානයේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔස්සේ විකාශය වන නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය තුළ සුදු චූටි කියන චරිතය හරහා සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ඇය ඕනිම දේකදී කෙලින් කතා කරන්න පුරුදු වෙච්ච කෙනෙක්.
අන්න ඒ නිසාම වර්තමානයේ රට තුළ පවතින තත්වයකදී පවා කලාකරුවන් රැසක් අදහස් ප්‍රකාශ කරන කාල වකවානුවක් තුළදී හරිම සංවේදී ඇසට කඳුළක් එක් කරන සටහනක් ඇය මුහුණු පොතට එකතු කරනවා. ඉතින් ඒ සටහන තමයි පහතින් දැක්වෙන්නේ.
” මා මේ ගැන කතා කරන්න සුදුසුයිද කියා හදවතේ දෙගඩියාවෙන් ඉන්නැද්දි, මේ දකින ඇහෙන දේ නිසා මෙවැනි දෙයක් කියන්නට නොසිතුවත් දැන් අපිට ඉතිරිවී ඇත්තේ අපි විතරමක් නිසා මෙය නොකීවොත් මා කරනා ලොකු වරදක් ලෙස මාගේ හෘදසාක්ශිය කියයි…
එංගලන්තයේ ඉගෙන ගෙන එහෙටම වෙලා ඉන්න තිබුණු මම ලංකාවට ආවේ ඇයි කියලා මම මගෙන්ම ප්‍රශ්න කරන වෙලාවල් තිබුණා… ඒ වෙලාවල් වලදි මට හැමවෙලාවෙම මගේ හෘදසාක්ශිය කිව්වේ මගේ රට තමා මගේ නවාතැන කියන එක, මම පලමු පුරවැසියෙක් වෙන්නේ හදවතින් මගේ රටේදි විතරයි…
මා මින් පෙර කිසිම දිනක දේශපාලන පක්ෂයක්, පාටක්, පුද්ගලයෙක් වෙනුවෙන් කඩේ ගිය කෙනෙක් නොවේ සහ කිසිම දිනක යන්නෙත් නෑත, අපේ රට අවුරුදු 60/70ක් තිස්සේ වැරදි මාවතක ගියේ, යුද්ධයෙන් පස්සෙවත් නිවැරදි මාවත අපේ රටේ පාලකයෝ හොයාගනීවි කියා අපි විශ්වාස කලා, ඒත් ඒ කිසිම දෙයක් යතාර්ථයක් වුණේ නෑ…
අපේ මිනිස්සුන්ට එදා වේල හොයාගන්න බැරි තැනට මේ රට පත් වෙලා දැන් අවසන්, දැන් ඒ මිනිස්සුන්ගේ දුක, පීඩනය ඉබේටම පිටවෙද්දි ඒක මර්ධනය කරන්න ආරක්ෂක අංශ දාලා, ඇඳිරි නීතී දාලා, හදිසි නීති ගෙනල්ලා… කුමන හෝ කෙනෙක්ට සිතනවා නම් මහජනතාවගේ කට මේවිදිහට වසාදමන්නට හැකී කියා එය තමා ලොකුම මොඩකම… අපි දේශපාලනය කරපු කලාකරුවන් නෙමෙයි, අපේ සහෝදර කලාකරුවන් පවා අද ප්‍රහාර වලට හසු වෙලා, මේවා දකිද්දී අපි කොහොමද කට වහගෙන මේවා නොදැක්කා වගේ ඉන්නේ…
සමහරක් විට මා මෙය පල කෙරුවෙන් පසු කීප දෙනෙක් මට බනිවී ඇයි මා නියෙලන රැකියාව සමග මේ විදිහට කතා කරේ කීයා, සමහරක් විට මාගේ ගිනුමද නැතිවිය හැකී, එත් මේ කිසි දෙයකින් පලක් නැ ජිවත් වෙන්න රටක් නැතිව, මා මෙන් අනිකුත් ශ්‍රී ලාංකිකයන්ට අපේ කියන්න රටක් නැතිව…
අපි එකට මොලෙන් ගේම ගහමු, දවසට දෙකට තියලා අමතක කරන අරගල නෙවෙයි, හරිදේ ඉටුවෙනකන් එකට රටක් විදිහට ඉමු, මේ කබ ඇදිල්ල දැන් තියෙන්නේ සාමාන්‍ය මිනිහා සහ හොරකම් ජඩකම් කරන 225 අතරයි, පක්ශ පාට සියල්ල අමතක කර දා මේ 225 පන්නා හෙට ඉපදෙන අපේ පැටවුන්ට ඉන්න රටක් හදමූ…සෙනාලි ෆොන්සේකා –