හමුදාවේ හිටියා නම් මේ සේවය කරන 19 වන අවුරුද්ද

කළා ලෝකයේ හැමෝම වගේ ගොඩක්ම ආදරේ කරන රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ. ‘ගිනිමල් පොකුරු’ ‘කවුරුවත් දන්නේ නැහැ’ ‘නිදහසේ පියා’ ‘රශ්’ වැනි සිනමා නිර්මාණ හරහා වගේම අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක් හරහාත් ඉසුරු ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වෙනවා. ඉතින් අපි හිතුවා ජනප්‍රිය නළු ඉසුරු සමග ටිකක් කතා කරන්න.
ඉසුරු කියන්නේ ලැබෙන හැම චරිතයක්ම බාරගන්න නළුවෙක්ද?
”ඇත්තම කියනවනම් නැහැ මොකද මම වෘත්තීයමය රංගන ශිල්පියෙක් විදිහට හැම චරිතයක්ම බාර ගත්තා නම් අද මට මෙතනට එන්න වෙන්නේ නෑ. හැබැයි මම පිටපත කියවලා ඒක මට දැනුනොත් මම ඒ චරිතය දෙපාරක් හිතන්නේ නැතුව බාරගන්නවා.
ඔබ කාලයක් යුද හමුදාවේ සේවය කළා. ඉතින් ඇයි හමුදාව අතහැරලා රඟපාන්න ආවේ?
”මට රඟපාන්න තිබ්බ ආසාව නිසාම තමයි මම හමුදාවෙන් ඉවත් වුණේ. මම හිතන්නේ ඒක මගේ දෛවය කියාලා. යුද හමුදාවේ හිටියා නම් මේ යුද හමුදාවේ සේවය කරන 19 වන අවුරුද්ද, එහෙම උනානම් මේ අවුරුදු 20ක සේවය සම්පූර්ණ කරලා ලබන 2023 අවුරුද්දේ දී යුද හමුදා නිලධාරියෙක් විදිහට විශ්‍රාම යන්නත් තිබුණා”
ලංකාව තුල ජනප්‍රිය චරිතයක් වේවි කියල කවදා හරි හිතුවද?
”අනේ නෑ, මට එහෙම බලාපොරොත්තුවක් තිබ්බෙම නෑ. හැබැයි සුළු චරිත කරලා ප්‍රධාන චරිත කරද්දී ලොකු සතුටක් දැනුනා. එක රැයෙන් ජනප්‍රියත්වයට පත් වෙනවාට වඩා බිංදුවෙන් පටන් ගෙන පියවරෙන් පියවර රංගන ජීවිතය ගොඩනගාගත් එක ගැන ආපස්සට හැරිලා බලද්දී ලොකු සතුටක් තියෙනවා. ඉතින් ඒ ගැන මතක් වෙද්දී සතුටුයි….”