තරු කතාවිශේෂාංග

රයිගම්හි ජනප්‍රිය නළුවා වූ කුසල් රසිකයන්ට කියූ දේ

මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජනතාවගේ ආදරයද සහිතව වසරේ හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ නවක රංගන ශිල්පී කුසල් මදුරංගයි. කුසල් මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යයේ බණ්ඩාගේ චරිතයට රංගනයෙන් දායක වෙයි. බණ්ඩාගේ චරිතය මේ වනවිට බොහෝ රසිකයන්ට සමීප වී තිබෙනවා. කුසල් මදුරංග ටෙලි තිරයට අළුත් මුහුණක් වූවත් ඔහු වේදිකාවට නම් නවකයෙක් නොවෙයි.

රාජ්‍ය නාට්‍ය උළෙල, යොවුන් නාට්‍ය උළෙල, රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ගණනාවකදී කුසල් හොඳම නළුවා ඇතුළු සම්මාන රැසක් දිනාගත් රංගන ශිල්පියෙක්. කෙසේවෙතත් මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවා වූ කුසල් සිය ආදරණීය රසිකයන්ට ස්තූතිය ප්‍රකාශ කරමින් සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් එක්කොට තිබුණා.

“හදවතේ කොනකවත් තිබුනෙ නැති, සිහිනයක මුදු පහස මවෙත ගෙන පැමිණි ආදරණීය හදවත් සෙනෙහසින් වැළඳ ගන්නෙමි. එකි මෙකි නොකි හැමොටම බොහොම ස්තුතියි.”

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x