දුකකින් චතුරිකා කියපු කතාව

චතුරිකා පිරිස් ගැන ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රය තුළ සිනමාවටත් ටෙලි නාට්‍ය ක්ෂේත්රයටත් වටිනා සේවයක් එකතු කරපු දක්ෂ කලා කලාකාරිනියක්. ආදරණීය වස්සානය කියන නිර්මාණය තුළින් සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් සොරා ගත්ත මේ සුරූපී තාරකාවිය අදටත් පුංචි තිරය තුළ ප්‍රේක්ෂකයන් පිනවන කලාකාරිනියක්.
මේ වන විට වෙනදා තරම් ඇයව නිර්මාණවලින් දැකබලාගන්න අපට අවස්ථාව උදා වුණේ නැතත් ඉඳහිටක හරි පුංචි තිරයට ගොඩවෙන ඇය රංගන ශිල්පිනියකට අමතරව නිවේදිකාවක් වශයෙනුත් අපිට බලන්න අවස්ථාව උදා වෙලා.
චතුරිකා විවාහ වෙන්නේ ක්ෂේත්රයේ දක්ෂ කලාකරුවෙක් වන ගයාන් වික්‍රමතිලක සමගයි. දෙදෙනාම මේ වෙද්දි ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරන අතර ආදරණීය සිඟිති දියණියකගේ සෙනෙහේ බර දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා. චතුරිකා ගතකරන ඒ ජීවිතය පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.
” ගෙදර ඉද්දි ගයාන් රසට උයනවා. හැබැයි ඒ වැඩේට එයාට මාව ඕනේ. මොකද අස් කරන්නේ මම නේ. “
ඒ විදිහට අදහස් දක්වන චතුරිකා ආදරණීය දියණිය පිළිබඳවත් කිව්වේ මේ වගේ කතාවක්.
‘එයා කැමති නෑ මාව කා එක්කවත් බෙදාගන්න. ටෙලි නාට්‍යයකදී එහෙම මම පොඩි පුතෙක් තුරුල් කර ගත්තොත් එයා මූන බෙරි කරගන්නවා. ගයාන් මායි අඬන දර්ශනයක් තිබුනොත් එයා ඊට කලින් අඬනවා. එයා හරි sensitive අපි දෙන්නගෙම ගතිගුණ තියෙනවා. අප්පච්චි වගේ තරහ යනවා මම වගේ හොඳට නිදා ගන්නවා.”
ඉතින් ඇය දියණිය පිළිබඳව ඒ විදිහට අදහස් දක්වන අතර පසුගිය කාලසීමාව තුළදී චතුරිකා පිරිස් කියන නම අළලා ගෙන බොහෝ අවස්ථාවන්වල දී ඇයට මඩ ප්‍රහාර එල්ල වුණා. ඒ පිළිබදවත් චතුරිකා අදහස් දැක්වූයේ මේ විදියටයි.
“මම තරම් සයිබර් ප්‍රහාර වලට ලක් වෙච්ච තවත් කෙනෙක් නැතුව ඇති. ඇත්තටම අපි ඒ වගේ මිනිස්සුන්ට අනුකම්පා කරන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ට ප්‍රතිකාර අවශ්‍යයි. දරුවෝ ඉන්න පෝස්ට් එහෙකට වත් කමෙන්ට් කරන්න දන්නැති මිනිස්සු ඉන්න රටක් මේක. “
ඇය ඒ විදියට අදහස් දක්වන අතර ඕනිම කෙනෙක්ට ඕනෙම කතාවක් කියන්න ඉඩ දීලා ඇය ජීවත් වෙනවා කියලා සඳහන් කළා. ඉතින් ඒ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි සුබ පැතුම් එක් කරන්නෙමු.