තරු කතා

ජනප්‍රිය නිලි මනීෂා චංචලා කියන කතාව

දෙරණ ලිටිල්ස්ටාර් හරහා කළා ලෝකයට පිවිසිලා පසුව රංගන ශිල්පිනියක ලෙස හැමෝගෙම ආදරේ දිනාගත් ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් තමයි මනීෂා චංචලා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්නේ ඔබත් මමත් හදවතින්ම ආදරේ කරන ඒ සුන්දර රංගන ශිල්පිනිය සමග. ඉතින් මනීෂා කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? ”මේ දවස්වල ‘ගුග්ලි’ ටෙලිනාට්‍ය සම්බන්ද වෙලා වැඩ කරනවා, දවසේ වැඩිම කාලයක් ගතවෙන්නේ ඒකට, ඒ වගේම තවත් අලුත් ටෙලිනාට්‍යක වැඩ ආරම්භ වුනා, ඒ වගේම දැන් නිවෙධන කටයුතුවලත් නියැලෙනවා”

මනීෂා කියන්නේ මේ වනවිට ලංකාවේම අවධානය දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් ඉතින් මනීෂා කොහොමද චරිත තෝරාගන්නේ ”මුලින්ම මම බලන්නේ මට ඒ චරිතයේ කරන්න දෙයක් තියෙනවද කියලා. මොකද මට ඒ චරිතයට සාදාරණයක් කරන්න බැරිනම් මම ඒ චරිතය බාරගන්නේ නෑ, අනිත් කාරණය තමයි මම එක වගේ චරිත බාරගන්නේ නෑ, විවිද චරිත තමයි මම බාරගන්නේ”

ඉතින් මනීෂා දැන් පෙම්වතියක් කියලා හැමෝම දන්නවා නේ ඉතින් පෙම්වතා ගැන සහ විවාහය පිලිබඳ ගැන විස්තර ටිකක් කියමු. ”පෙම්වතා කළිඳු කරුණාරත්න එයා දෙරණ ආයතනේ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස සේවය කරනවා. කාලයක් අපි දෙරණ ආයතනය ඇතුලේ හොඳ යාළුවො පස්සේ තමයි ඒ යාළුකම ආදරයක් වුනේ, ඇත්තටම තාම අපි විවාහය සුදානම් කරලා නෑ ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. ඇත්තටම එයාගෙන් මගේ ගමනට විශාල සහයක් ලැබෙනවා. ඇත්තටම කළිඳු වගේ කෙනෙක් ලැබුනේ මගේ පෙර පිනකට, මේ වෘත්තීය හොඳටම තේරුම් අරන් ඉන්න කෙනෙක් තමයි එයා. ඉතින් එයා එක්ක මේ ගමන යන්න හොදක් ලේසියි…”

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x