තරු කතා

දීපිකාගේ “කවිය ඔබ රීමේක් ගීතය ඇවිලුනු හැටි

සුවිශිෂ්ට ගීත ගණනකට හිමිකම් කියන ගායිකා දීපිකා ප්‍රියදර්ශනිගේ අලුත්ම ගීතයක් රීමේක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබෙනවා.

මෙම ප්‍රතිනිර්මාණය රෝහණ වීරසිංහයින් විසින් ම සිදු කර ඇති අතර, නව නිර්මාණය ගැන තමන්ට දැනුම්වත් කිරීමක් හෝ නොකළ බව කියමින් දීපිකා අතිශය සංවේදී සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා. ගායිකා දීපිකා ප්‍රියදර්ශනී, රෝහණ වීරසිංහට සහ උමාරාට එරෙහිව යුද ප්‍රකාශ කරයි ! බුකියේ ලියූ සැර සටහන මෙන්න

කෙසේ වෙතත්, ගීතයක අයිතිය පද රචකයාට සහ සංගීත නිර්මාපකයාට හිමි වන හෙයින් මෙහි වරදක් නොමැති බව ප්‍රවීණ ගී පද රචක රවී සිරිවර්ධන පවසනවා. සිය මුහුණු පොතට සටහනක් එක් කරමින් ඔහු කියා සිටියේ, දීපිකා ප්‍රමුඛ පිරිස් විසින් උමාරාට සහ රෝහණ වීරසිංහට පහර දීම පිළිකුල් සහගත බවයි.

මේ අතර, රෝහණ වීරසිංහ, ‘කවිය ඔබ’ නව නිර්මාණය ඔහුගේ යූටියුබ් නාලිකාවට එක් කර ඇති අතර, ඔහු ගීතය ගැන සටහනකුත් මෙසේ පළ කර තිබුණා.

මගේ YouTube චැනලය ආරම්භවී ගතවුනු පසුගිය දෙවසර ඇතුලත මගේ ගීතනු නව පරපුරේ තරුණ රසික සමූහය අතර අතිශයින් ජනප්‍රිය වීම දක්නට ලැබුනු සුවිශේෂතාවකි. එවැනි බොහෝ දෙනෙක් ඒ ගීතනු ප්‍රතිනිර්මාණය කර ගයන්නට මගෙන් අවසර පතා සිටි අතර ඒවායේ පද රචකයන්ගේද කැමැත්ත පරිදි මම ඊට අවසර දුනිමි.මේ වනවිට එවැනි ගීත ගණනාවක් මගේ චැනලය තුලින් රසිකයන්ගේ වින්දනය සදහා ඇතුළත් කර ඇත. සියුමිණි ඔපයන්ගි ගැයූ “වලා තීරයෙන්” මිහිඳු ආරියරත්න ගැයූ “ප්‍රේමයේ මන්දහාසිනී” සශ්‍රීකා සේමිණි ගැයූ “මිනිසා සුවදයි ” ආදී ගීත මිලියන සංඛ්‍යාත රසික සමූහය රසවිඳින බව නොරහසකි .

එවැනි වූ ගීත අතරට එකතු වන මගේත් ප්‍රවීණ ගේයපද රචක සුනිල් ආර් ගමගේ ගේත් නවතම ප්‍රතිනිර්මාණ ගීතය වන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනී වෙනුවෙන් 80 දශකයේ අප දෙදෙනා නිර්මාණය කළ “කවිය ඔබ” යි.

නව පරපුරේ අතිශයින් ජනප්‍රිය ගායිකාවක වන උමාරා සිංහවංශ ලවා මේ ගීතය ගායනා කිරීමට CeyMusic ආයතනයට අප දෙදෙනා අවසරය දුන්නේ ඇයගේ ගායන කුසලතාවත් විදුල රවිශාර තුරුණු සංගීත නිර්මාපකයාගේ හැකියාවත් කෙරෙහි අප තුල ඇති විශ්වාසය මතය.
මේ දෙදෙනා එක්ව “කවිය ඔබ” ගීයට වෙනත් ආලේපන සහිත නව වර්ණවත් බවක් දී ඇත.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x