තරු කතා

ආදරය පටන් අරන් අවුරුදු 2ක් විතර ගෙවල්වලට රහසින් ප්‍රේම සම්බන්ධය පවත්වගෙන ගියා

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නදුනි කරුණාතිලක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම දෙවෙනි ඉනිම හරහා බොහෝ රසික පිරිසකගේ ආදරය දිනාගෙන ජනප්‍රිය වුනු ඇය ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයෙන් වගේම මේ දිනවල විකාශනය වන ‘ඉස්කොලේ’ ටෙලි නාට්‍යයේ පාසල් ගුරුවරියක විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඒ වගේම මේ දිනවල ඇය ‘දියණි’ ටෙලි නාට්‍යයෙන්ද ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් ඇයගේ මුල්ම බලාපොරොත්තුව තිබුණෙ ගුවන් සේවිකාවක් වෙන්නලු. ඉතින් ඇය ඉගෙන ගත්තෙත් ගුවන් සේවිකාවක් වෙන්න හිතාගෙනලු. ඒත් අතරමගදි දෛවය ඇයව කලාව වෙත යොමුකළා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ ආදරණිය සැමියා වන දිනූෂත් කළා ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක්. ඉතින් මේ දෙන්නා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න පෙරලු හමුවුණේ. ඉතින් ඒ වගේම ගායනා තරගයකට ඉදිරිපත් වෙලා ඒකට සූදානම් වෙන්න වොයිස් ට්‍රේනින් පන්තියකට ගිය අවස්ථාවකදී තමයි මේ දෙන්නා හම්බ වෙලා තියෙන්නේ. ඉතින් එතැනදි තමයි මේ ආදරණිය සුන්දර යුවලගේ ආදර කතාව පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අවුරුදු හතරක ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට තමයි 2019 අවුරුද්දේ මොවුන් විවාහ වෙලා තියෙන්නේ.

ඉතින් ඒ වගේම මේ දෙන්නගේ ආදරයට කාගෙන්වත් බාධා ආවෙ නැහැ කියලත් ඇය පවසනවා. හැබැයි ආදරය පටන් අරන් අවුරුදු 2ක් විතර ගෙවල්වලට රහසින් ප්‍රේම සම්බන්ධය පවත්වගෙන ගියාලු. ඊට පස්සෙ මේ දෙන්නම ගෙවල්වලට කිව්වම ඔවුන් දෙන්නාගේම ගෙවල්වලින් කැමැත්ත ලැබුණාලු. ඉතින් ඒ වගේම ගෘහණියක් විදිහට ගෙදර වැඩ කරන්න, උයන පිහන දේවල් කරන්න ඇය ගොඩක් කැමතියිලු. ඒ වගේම මේ දෙන්නට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම ඇය ගෙදර කෑම හදනවාලු. ඉතින් ඒ වගේම මේ දෙන්නා ගොඩක්ම කැමති ගෙදරට වෙලා නිදහසේ ඉන්නලු.

ඉතින් ඒ වගේම ඇයට ගැලපෙනවා කියලා හිතෙන දේවල් ඇය කරනවාලු. හැබැයි ඇය අඳින ඇඳුම් පැළඳුම් ගැන නම් දිනූෂ ලොකු අවධානයක් දක්වනවාලු. ඒ වගේම ඇය ගොඩක් ෂොපින් යන කෙනෙක්ලු. දිනූෂ එක්කම ෂොපින් ගිහින් ඇඳුම් ඇඳලා පෙන්නලා තමයිලු ඇය ඇඳුම් තෝරගන්නේ. ඉතින් ඒ වගේම මේ දෙන්නම සංගීතයට ගොඩක් ආසයිලු. ඉතින් මේ වසංගත තත්වය එන්න කලින් ඔවුන් දෙන්නම සංදර්ශනවලට සහභාගි වුණාලු. හැබැයි මේ දවස්වල නම් සංදර්ශන නැහැලු. ඒත් ඉදිරියේදී විදේශයන්හි පැවැත්වෙන සංදර්ශන කිහිපයකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා කියලත් ඇය පවසනවා.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x