ලොවම කළඹමින් ඔස්කාර් ප්රහාරයෙන් පසු විල් ස්මිත්ට එරෙහිව ක්රිස් රොක් කළ දේ

ඔස්කාර් සම්මාන උළෙල අතරතුරදී හොලිවුඩ් නළු විල් ස්මිත් ගෙන් පහරකෑමට ලක්වූ ක්රිස් රොක් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීම ප්රතික්ෂේප කර තිබෙනවා.
ස්මිත්ගේ බිරිඳ හිසකෙස් හැලීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ක්රිස් රොක් එය ඉස්මතු කරමින් උපහාසාත්මක කතාකරමින් සිටින විට වේදිකාවට ගිය ස්මිත් නිවේදන කටයුතු කරමින් සිටි රොක් ට පහරක් එල්ල කළා.
ඔස්කාර් සම්මාන උළෙල අතරතුර විල් ස්මිත් ක්රිස් රොක්ට පහර දීමෙන් පසු ඇකඩමිය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී ක්රිස් රොක් ඔහුගේ බිරිඳ ජාඩා පිංකට් ස්මිත් ගැන විහිළුවක් කළ විට නළු විල් ස්මිත්ට උන් හිටි තැන් අමතක වුණා. විල් ඒ ගැන මුලින් සිනාසෙන බවක් පෙනෙන්නට තිබුණත්, ඔහු ඉක්මනින්ම වේදිකාව මත ක්රිස් වෙත ගොස් ඔහුගේ මුහුණට පහර දුන්නා.
ඇකඩමිය අවසානයේ සිද්ධියට ප්රතිචාර දක්වා තිබෙනවා.
“ඇකඩමිය කිසිදු ආකාරයක ප්රචණ්ඩත්වය අනුමත කරන්නේ නැත,”
ඇකඩමිය ට්වීට් එකක බෙදා ගනිමින් ප්රකාශ කර තිබුණා. එතෙකින් නිමා කළ ට්වීට් පණිවිඩයේ ඉතිරි කොටසේ සඳහන් වුණේ ජයග්රාහකයින්ට සුබ පැතීම වෙනුවෙනුයි.
“අද රාත්රියේ අපගේ 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ ජයග්රාහකයින් සැමරීම ගැන අපි සතුටු වෙනවා,”
කෙසේ වෙතත් එය ඉතා අපැහැදිලි ප්රතිචාරයක් බවයි පෙනෙන්නට තියෙන්නේ.