තරු කතා

පුංචි කාලේ ඉඳන් හැමදේම කියලා දීලා මගෙ දූලව පණ වගේ බලාගත්තේ

ප්‍රියසාද් පවුල කියල කියන්නේ මේ වෙනකොට ලංකාවේ ඉන්න ජනප්‍රියම ෆැමිලි එකක්. ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද් මහතා නිසා බොහෝ දෙනෙක් ඔවුන් හට ආදරේ කරනවා. ඔහු ගැන කතා කිරීමේ දී කතා නොකරම බැරි චරිත තුනක් තමයි ඔහුගේ ආදරණීය දියණියන් තිදෙනා. ඒ දිනක්ෂි ප්‍රියසාද් , ශේෂද්රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද්. මොවුන් තිදෙනාම රංගන ක්ෂේත්‍රය තුළත් නර්තන ක්ෂේත්‍රය තුළත් සිය දස්කම් පාමින් බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය දිනාගැනීමට සමත් වී සිටිනවා.

එම පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් විවාහ වී සිටින්නේ කලා ලොව තුල ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමගයි. මේ වන විට ඔවුන්ට දියණියක්ද සිටිනවා. ඒ වගේම තමයි ශේෂාද්‍රී විවාහ වී සිටින්නේත් ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ක්‍රිශාන් සමගයි. කොහොම නමුත් මේ පවුලේ දරුවෝ ගැන කාටත් වඩා විස්තර දන්න කෙනෙක් තමයි ඔවුන්ගේ ආදරණීය මව වන ශිරානි ප්‍රියසාද් කියන්නේ. ඇය වැඩිය මාධ්‍යට එන කෙනෙක් නොවුනත් සමාජ මධ්‍යයේ ටිකක් සැරිසරන කෙනෙක්. හැමෝම ආදරේ කරන ප්‍රියසාද් පවුලේ මව දියණියන් ගැන කිව්වේ මෙහෙම දෙයක්.

“ඇත්තටම මගේ ළමයි තුන්දෙනාම හරිම ලස්සනයි. මගේ දූලා තුන්දෙනාම හරි කැමැතියි මම ලස්සනට ඉන්නවාට. ඒ වගේම අම්මා ලස්සන වෙලා කියල කවුරු හරි කියනවට ඒගොල්ලො ගොඩක් ආසයි. අපේ පවුල හරිම ආදරනියව ජිවත් වෙනවා අම්මා තාත්තා එක්ක දරුවෝ ඉන්නේ යාලුවෝ වගේ. පුංචි කාලේ ඉඳන්ම හැමදෙයක්ම කියලා දීලා ආදරෙන් මගේ පන වගේ බලාගත්තේ. මගේ දියණියන් තුන්දෙනාම අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.ඉතින් මේ පවුලටම ආදරේ කරන මොනතරම් පිරිසක් ඉන්නවාද කියලා කියන්න ඕන නැහැ.”

මේ විදිහට තමයි ඇය කියා සිටියේ. ඉතින් කවුරුත් ආදරය කරන මේ සියලු දෙනාගේ ම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x