තරු කතා
ශලනි තාරකා නිළි රැජින මාලනීට සම වෙයි

ශලනි තාරකා කියන්නේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මේ දිනවල විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වනවා. එමෙන්ම ශලනි මෙවර රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පිනියට නිර්දේශ වී තිබෙනවා. එම සම්මාන උළෙල එළඹෙන විසි හය වැනිදා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර ශලනි තවත් ටෙලි සම්මාන උළෙලක සම්මාන කිහිපයක් සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒ SLIM KANTAR PEOPLE’S සම්මාන තාරුණ්‍යයේ තේරීම සම්මානයටද ශලනිව නිර්දේශ වී තිබෙනවා. එමෙන්ම එම සම්මාන උළෙලේම වසරේ නිළිය සම්මානයටද ඇයව නිර්දේශ වී තිබෙනවා. මෙහිදී වසරේ නිළිය සම්මානය සඳහා ඇයට අමතරව සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකාද නිර්දේශ වී තිබෙනවා.