තරු කතාවිශේෂාංග

අපිට තේරෙන විදිහට අපි හැමෝටම ආදරය ගැන කියලා දෙනවා

හිරු ගුවන්විදුලියේ විකාශය වන ‘හිරු අනන්ත රාත්‍රිය’ වැඩසටහන හරහා ශ්‍රාවකයන්ගේ ආදරය දිනාගත් නිවේදන ශිල්පී විශංජ මදුරසිත් සමග සාරවිට අපි කතාබහක නියැළෙන්නට සිතුවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර කිහිපයක අත්දැකීම් සහිත විශංජ අනන්ත රාත්‍රිය හරහා ශ්‍රාවකයන්ට ආදරය ගැන කියලා දෙනවා.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල මගේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ටිකක් කාර්යබහුලයි. ඉස්සරහට අවුරුදු එනවා. ඒ නිසා එෆ් එම් එකේ වැඩ ටිකක් වැඩියි. ඒවත් එක්ක තමයි කාර්යබහුල.

ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් ගැන කිව්වොත්?

මේ දවස්වල මගේ ප්‍රධානම ප්‍රෝග්‍රෑම් එක තමයි හැමෝම ගොඩක් ආදරය කරන ‘හිරු අනන්ත රාත්‍රිය’. රෑ නවයේ ඉඳලා රෑ දොළහා වෙනකල් මාත් එක්ක සජී මොහොට්ටිත් ඉන්නවා. අපිට තේරෙන විදිහට අපි හැමෝටම ආදරය ගැන කියලා දෙනවා. ඒ වගේම ඉරිදා උදේට තව වැඩසටහනක් ඉදිරිපත් කරනවා.

‘අනන්ත රාත්‍රිය’ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ගොඩක් හොදයි. අපි හැමෝම ආදරය කරනවානේ. ඒ නිසා වයස් භේදයකින් තොරව හැමෝම අහනවා. අපේ ෆෑන් පේජ් එක එන කමෙන්ට්ස්, කෝල්, මැසේජ්වලින් නම් ලැබෙන ප්‍රතිචාර හොඳයි. හැමෝම ගොඩක් කැමැත්තෙන් ප්‍රෝග්‍රෑම් එක අහනවා.

විශංජ නිවේදකයෙක් විදිහට ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

මම ඉස්සෙල්ලාම එන්නේ උසස් පෙළ කාලෙදි. මම කවදාවත් ආසාවෙන් හිටියේ නැහැ ගුවන්විදුලි නිවේදකයෙක් වෙන්න. මගේ කැමැත්ත තිබුණේම මියුසික් සර් කෙනෙක් වෙන්න. අහම්බෙන් තමයි ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. ඊටපස්සේ ගෙදරින් සහයෝගය ලැබුනා.

මුලින්ම ඉදිරිපත් කරපු වැඩසටහන මතකද?

මුලින්ම මම ආවේ ලක් එෆ් එම් එකට. අවුරුදු එකහමාරකට පස්සේ තමයි මම හිරු එෆ්එම් එන්නේ. ලක් එෆ්එම් එකේදි මම මුලින්ම කළේ තරු පාලම ප්‍රෝග්‍රෑම් එක. මට අද වගේ මතකයි. ඊටපස්සේ හිරු එකට ඇවිත් මුලින්ම කළේ හිරු නයිට් ඩියුටි ප්‍රෝග්‍රෑම් එක. ඊටපස්සේ හිරු සති අන්තය උදේ 7-10 ප්‍රෝග්‍රෑම් එකක් කළා. ඊටපස්සේ ජෝති රාත්‍රිය කළා. ඊටපස්සේ කරන්න ගත්තු සහ අදටත් කරන ප්‍රෝග්‍රෑම් එක තමයි ‘හිරු අනන්ත රාත්‍රිය’

අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මම ගමන ආරම්භ කළේ බොහෝම අමාරුවෙන්. ක්ෂේත්‍රය ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඊටපස්සේ මම ඉගෙනගත්තා. ඊටපස්සේ සම්බන්ධතා හදාගත්තා. ඊටපස්සේ අපේ ජ්‍යේෂ්ඨයින්ගෙන් උපදෙස් අරගෙන අදටත් ඉගෙනගන්නවා. කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බැරි වෙයි. මේ ක්ෂේත්‍රය හාර්ඩ් වර්කින් පිරුණු තැනක්. කය වෙහෙසුවේ නැති වුණාට මනස වෙහෙසන්න ඕනේ රැකියාවක්. හරි ආදරෙන් හිනාවෙලා දවස පටන් අරන් දවස ඉවර කරන්න පුළුවන් රැකියාවක්.

ඔබ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය වෙන්නේ හිරු අනන්ත රාත්‍රිය හරහා?

මම විශ්වාස කරනවා. කොච්චර ප්‍රෝග්‍රෑම් කළත් මම මිනිස්සු අතරට ගියේ හිරු අනන්ත රාත්‍රිය හරහා තමයි.

රූපවාහිනී නිවේදකයෙක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

රූපවාහිනිය කියන්නේ හිතන තරම් පහසු ක්ෂේත්‍රයක් නෙවෙයි. අළුත් පරම්පරාව හිතාගෙන ඉන්නේ කැමරාව ඉස්සරහට ගිහිල්ලා හිනාවෙලා එන එක තමයි නිවේදනය කියන්නේ කියලා. ඒ වගේම රේඩියෝ එකට ඇවිත් කච කච ගාලා කියවලා සින්දුවක් ප්ලේ කරන එක තමයි නිවේදනය කියලා. හැබැයි එහෙම නෙවෙයි. මේක හරි ඇඩ්වාන්ස් ජොබ් එකක්.

දැනට මම රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙලා වැඩකරන්නේ නැහැ. කාලයත් එක්ක සමහරවිට දේවල් වෙනස් වෙලා යයි. හැබැයි දැනට හිරු ටීවී එකේ කමර්ෂල්වලට එහෙම යනවා. තව අපි හිරු එෆ්එම් යූ ටියුබ් චැනල් එකට වීඩියෝ වගයක් කරනවා. දැනට මම කැමරාව ඉස්සරහ වැඩ කරන්නේ ඒ ටිකට තමයි. මම හිතනවා ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් වෙයි මට කවදාහරි ටී.වී එකක ප්‍රෝග්‍රෑම් කරන්න. මම තාමත් හැමදේම ඉගෙනගන්නවානේ.

උදව් කරපු අයවත් මතක් කළොත්?

ගොඩක් අය ඉන්නවා. අම්මයි, අප්පච්චියි, නංගි, මගේ පාසැල්වල යාළුවෝ, ගුරුවරු, විදුහල්පතිවරු හැමෝවම මතක් කරනවා. ඒ වගේම මට ක්ෂේත්‍රයට එන්න උදව් කරපු හැම කෙනෙක්ටම ස්තූතියි කරනවා. එතකොට මම මුලින්ම වැඩ කරපු ලක් එෆ්එම් ආයතනයට ස්තූතියි කරනවා. ඒ වගේම හිරු සභාපතිතුමා රේනෝ සිල්වා මහතා ඇතුළු හිරු ආයතනය, මගේ ආයතනයේ හැම දෙනාවමත්, මගේ ආදරණීය ශ්‍රාවකයන්වත් මම ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද – සාරවිට. 

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x