තරු කතා

එයයි පැටියයි පරිස්සං කරන්න ඕනේ නිසා ගෙදර ඇවිදින් වෙනම කාමරයක නිදා ගන්නේ

මනේජ් සංජය කියන්නේ වර්තමානය වන විට බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්තු හරිම නිහතමානියි ගායන ශිල්පියෙක්. හිරු නාලිකාව විසින් සංවිධානය කරපු ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් රියලිටි වැඩසටහනක් වන hiru star වැඩසටහන හරහායි මනේජ් සංජය කියන චරිතය අපිට අපට හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ.

මේ දිනවල ඔහු බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙන්නේ විවිධ විවාහ මංගල්‍ය වලදි මනමාලයාට සහ මනමාලිට සප්‍රයිස් කරන අමුත්තෙක් විදිහට විවාහ මංගල උත්සව ගීතයෙන් හැඩ කරන නිසයි.

ඒ වගේම තමයි මනේජ් සංජය විසින් ගායනා කරන රෑල්ල වෙරලට ආදරෙයි කියන ටෙලි නිර්මාණයේ ජෝඩු කරගනා කියන ගීතය බොහෝ දෙනෙක් අතර ඉහළ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා.

පසුගිය දිනක ඔහු ආදරය කරපු ආදරණීය පෙම්වතිය සමඟ යුග ජීවිතයක් ආරම්භ කරන මනේජ් මේ වෙද්දි පිය පදවිය ලබන්න සූදානමින්. දැන් දැන් වසංගත රෝගී තත්ත්වය නොසලකා බොහෝ දෙනෙක් තැනින් තැන විවිධ සංගීත ප්‍රසංග සංවිධානය කරන නිසා ඔහුටත් මේ ප්‍රසංගයට සහභාගි වෙන්න සිද්ධ වෙලා. නමුත් ඇය ගර්භනී තත්ත්වයෙන් පසුවන නිසා මේ ප්‍රසංග වලට සහභාගි උනාට පස්සේ බොහොම පරිස්සමෙන් තමයි මනේජ් නිවසේ කටයුතු කරන්නේ.

ඒ සියලුම තොරතුරුත් එක්ක පසුගිය දා ආදරවන්තයන්ගේ දිනය දවසේ ආදරණීය ඡායාරූපයක් සමඟ හරි අපූරු සටහනක් මුහුණු පොතට එකතු කරන්නත් ඔහු අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ සටහන පහතින් දක්වා ඇත.

“ආදරය පිවිතුරු නම් ආදරය අවංක නම් හැමදාම වැලන්ටයින්. ඉතිං අපට හැමදාම වැලන්ටයින් ඒ උනාට අද වැලන්ටයින් නේ ඔයාලා හැමෝටම හැපි වැලන්ටයින්. මගෙ නංගිලා ටික ජීවිතය වැරදි තීරණ ගන්න එපා රූම් ගානේ පඳුර ගාන නෙමෙයි ආදරේ තියෙන්නේ. ආදරය සමරන ලස්සන දවසක ජීවිතය විඳවන රිද්දන තීරණ ගන්න එපා. අදත් ඉතින් වැලන්ටයින් කියලා හරියට මුණවත් බලන්න විදිහක් නෑ.

Show වල අපේම උන් එක බුරුතු පිටින් ගැවසිලා එළිවෙන ජාමෙ ගෙදර ඇවිත් වෙනම කාමරයක නිදා ගන්නේ එයයි පැටියයි පරිස්සම් කරන්න ඕනේ නිසා. ආයෙත් එනවා උදේ නැගිටලා බාරගත්තු වැඩ වලට යනවා. අදත් එහෙමයි. එයාලගේ අනාගතය නසන කරන්න ඕනි මම නේ.

යනුවෙන් ඔහු දිග සටහනක් එකතු කරනවා. ඉතින් මනේජ් සංජය සහ ඔහුගේ ආදරණීය බිරිඳට නිදුක් නිරෝගී දරු පැටියකු මේ ලෝකයට බිහි බිහිකරන්නට වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x