තරු කතා

මේනක වෙන කෙනෙක්ගේ අතින් අල්ලද්දි මට පුදුම ඊරිසියාවක් දැනෙන්නේ

පුංචි තිරය තුළ තුල එදා වගේම අදටත් බොහෝ දෙනෙක් පිස්සුවෙන් වගේ ආදරය කරපු දක්ෂ කලාකරුවන් දෙදෙනෙක් තමයි මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ. ඇය විසින් රංගනයෙන් දායක වූ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය නිසයි මේ තරම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් නෙහාරට ලැබෙන්න පටන් ගත්තේ.

එතැන් පටන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගියපු ඇය මේනක රාජපක්ෂ සමග ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. මේනක ඒ ආකාරයෙන් නෙහාරාත් සමග විවාහ වෙන්නේ පළමු කසාදයට සමු දීලා. නමුත් මේ වෙද්දිඋ සුන්දර ජීවිතයක් ගත කරන ඔවුන් දෙදෙනා ආදරණීය දියණියකගේ දෙමව්පියන්.

දරු ප්‍රසූතියෙන් පස්සෙ නෙහාරා පීරිස් කියන රංගන ශිල්පිනිය ඔන්න නැවත වතාවක් අපිට ප්‍රධාන චරිතයකින් පුංචි තිරයේ දකින්න ලැබෙනවා. මේ නිර්මාණය නෙහාරාට ටිකක් විශේෂ නිර්මාණයක්. මොකද මේක අධ්‍යක්ෂනය කරන්නේ ඇගේ ආදරණීය සැමියා වන මේනක රාජපක්ෂ. ඒ ටෙලි නාට්‍යය තමයි ගුග්ලි. මේක ගොඩක් කාලයකට පස්සේ ඇය ඉතාමත් ආදරෙන් සහ කැමැත්තකින් රඟපාන චරිතයක් කියලා නෙහාරා සඳහන් කළා.

මේ වෙද්දී දියණියත් සමග ගත කරන ඒ සුන්දර ජීවිතය පිළිබඳව නෙහාරා පුවත්පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුනෙ මේ විදිහටයි.

“ඉස්සර තිබුණු සැහැල්ලුව දැන්නෑ. මොන වැඩේ එක්ක හිටියත් හැම මොහොතකම මට මතක් වෙන්නේ බබාව. දැන් එයාට අවුරුද්දයි මාස එකයි. අනාගත අධ්‍යාපන කටයුතු ගැන හිතද්දී මට හිතට ලොකු බරක් දැනෙනවා. ඒත් මම කොහොම හරි ඒවා පිළිවෙළට ම කරනවා.”

නිතරම දරුවා පිළිබඳව සැලකිල්ලක් දක්වන ඇය ආදරණීය සැමියා වන මේනක සමග ගෙදර දොරේ වැඩ වැඩකටයුතු වුණත් බෙදා හදාගෙන කරනවා. ඉතින් මේනක සමග ගතකළ ජීවිතය පිළිබඳව කතා කරද්දි නෙහාරා එක්තරා අවස්ථාවකදී සඳහන් කරනවා කොයි තරම් සෙනගක් ඉස්සරහ වුණත් මේනක ඇයට බබා කියලා කතා කළේ නැත්නම් ගොඩක් දුක හිතෙනවා කියලා.

ඒ වගේම ඇය පසුගිය දිනක සහභාගිවූ රූපවාහිනි වැඩසටහනකදී සඳහන් කරනවා හරි අපූරු කතාවක්. ඒ තමයි මොකක් හරි ටෙලි නාට්‍යයක හෝ කිසියම් වැඩක දී මේනක වෙන කෙනෙක්ගෙ අතින් අල්ලගෙන ඉන්නවා නම් නෙහාරාට ඒකට ලොකුවට ඉරිසියා හිතනවලු. ඒ නිසා මේනක ඒ විදිහට අත් අල්ලාගෙන ඉන්නවට ඇය කැමැති නැහැ.

ඒ දේ පිළිබඳව නෙහාරා අදහස් ඉදිරිපත් කළේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක විනෝදාත්මක කතාබහකට එක්වෙමින්. ඉතින් මේ දෙදෙනා එදා වගේම වෙද්දිත් ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ ජීවිතය එයාකාරයෙන්ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම හදවතින් ම ඔවුන් දෙදෙනාටම සුබ පැතුම් එක් කරන්නෙමු.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x