තරු කතා

පුෂ්පිකාගෙයි චන්දිමාල්ගෙයි ගැටුම උග්‍ර අතට

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ විසින් පුෂ්පිකා ද සිල්වාගේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය ඉවත් කිරීම මේ වන විට බුකියේ කතාබහට ලක්වන මාතෘකාවක්. මේ පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කරමින් චන්දිමාල් ලිපියක් ද නිකුත් කර ඇති අතර, පුෂ්පිකා ද සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කොට තිබුණා. මේ අතර, යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් චන්දිමාල් ජයසිංහ, පුෂ්පිකා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක් ම සිදු කර තිබෙනවා.

විශේෂයෙන්ම පුෂ්පිකාගේ කිරුළ ගළවන්නට තරම් හේතු වුණු කාරණාවන්ද ඔහු එහිදී පැහැදිලි කරනවා.එසේම, පුෂ්පිකාගේ සියලු වියදම් දරන, පුෂ්පිකා පිටිපස සිට ඇයව මෙහෙයවනු ලබන දේශපාලඥයෙකුගේ තොරතුරු ද චන්දිමාල් මෙම සාකච්ඡාවේදී හෙළිදරව් කර තිබුණා.

දැනට කිරුළ හිමි මිසිස් ශ්‍රී ලංකා පුෂ්පිකා නෙවෙයිද? ඔබ ගැලව්වද? ඔබට ගලවන්න තියෙන අයිතිය මොකද්ද? 

දාන්න අයිතිය දුන්නෙත් මට. ගලවන්න අයිතිය දුන්නෙත් මට. මිසිස් වර්ල්ඩ් ආයතනයෙන් ඒ අයිතිය මට දීලා තියෙන්නෙ. ඔවුන් දෙවතාවක් මට කියා සිටියා, ඇය ගොඩක් අයව අපහසුතාවයට පත් කරනවා, ඩැමේජ් කරනවා. ඒ නිසා මේ සන්නාමය ඇයගෙන් ඉවත් කරන්න කියලා ඔවුන් දෙවතාවක් කියා සිටියා. ටනා මහත්මියත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නෙ. ඉතින් එතුමියට පවා ඩැමේජ් කරලා තිබුණේ. විශේෂයෙන්ම විනිශ්චය මණ්ඩලයට. මිසිස් වර්ල්ඩ් අමරිකාවේ නෙවෙයි කියලා පවසලා තිබුණා. ඇය මිසිස් වර්ල්ඩ් ආයතනයත් එක්ක වගන්ති පනහකට අත්සන් කරලා තියෙනවා. ඇය ඒ සියලු දේ උල්ලංඝනය කරලා තියෙනවා. මගේ සන්නාමයටත් ඇය හානි කළා. මම හිතන්නෙ රූ රැජිනකට තියෙන කොලිටීස් ඇය මේ වෙද්දි නැති කරගෙන.

පුෂ්පිකා කිරුළ අහිමි කරගත්තෙ ඇයි? 

කට නිසා. මාළුවා නහින්නෙ කට නිසා කියලා කියනවනේ. ඇය ලංකාවට ඇවිත් කරපු ප්‍රකාශ හරිම ලැජ්ජයි. කුවෙට් කුමාරි අක්කා ලයිව් යනවා වගෙ, හැමදාම හවස හයට ලයිව් ඇවිල්ලා මුලු ලංකාවේ ඉන්න හැමෝටම පේන්න, ලෝකෙම ඉන්න කාන්තාවන්ට දොස් කියනවා. කිරුළක් ඉන්න කාන්තාවක් කියන්නෙ වැදගත් කාන්තාවක්. නමුත් ඇය කරන්නෙ පදනමක් නැති ප්‍රකාශ. ප්‍රාථමික ළමෙක්වත් කතා කරන් නැති දේවල් ඇය කියන්නෙ.

පියුමි කිව්වද එයාපෝර්ට් එකේ ඉන්නකොට, ඔයා යන්නෙ නයෙක් එක්ක කියලා ? 

ඔව් අනිවාර්යෙන්ම… මොකද පියුමි ගොඩක් මිනිස්සු ගැන දන්න කෙනෙක්. පුෂ්පිකාව මට වැඩිය එයා ආශ්‍රය කරලා තියෙනවා.

රෝසි සේනානායකත් එක්කත් මේ කිරුළ ගලවන්න සාකච්ඡා කළාද ? 

රෝසි මහත්මිය මේ කිසි දේකට මැදිහත් වෙන කෙනෙක් නෙවෙයි. එතුමිය කවදාවත් මගේ දේවල්වලට අත දාන් නෑ. ඇය ෆයිනල් එකට පවා එන්නෙ මගේ ඉල්ලීම නිසා.

ඔබ අද ඔතන ඉන්නෙ රෝසි නිසා? එයා පෙෂර් කළා නේද? 

නෑ.. එතුමියට වැඩක් නෑ. 83 රෝසි මහත්මිය තරගය ජයග්‍රහණය කරද්දි අපි ඉපදිලාවත් නෑ. එතකොට එතුමියට සදාකාලික රැජින වෙන්න අවශ්‍ය නැහැ. හැමෝම ඇයට රැජින කියනවා අදටත්. ඇය අදටත් වැදගත් විදිහට ජීවත් වෙන නිසා. පුෂ්පිකා වැදගත් නෑනේ. ඩයමන්ඩ් ඇන්ඳා කියලා කෙනෙක් බ්‍රෑන්ඩඩ් වෙන් නෑ. ඒ කෙනාගේ හැසිරීමෙන් තමයි ඒ කෙනා බ්‍රෑන්ඩඩ් වෙන්නෙ. මෙතනින් එහා මිසිස් වර්ල්ඩ් 10 දෙනෙක් ආවත් මගේ හිතේ සදාකාලික රැජිනිය රෝසි මහත්මිය. ඒක හදවතේ තියෙන දෙයක්. එතුමියට ඒකට තණ්හාවක් නෑ.

ඇය හානිය කළේ ජාත්‍යන්තරයටනම් ඇගේ මිසිස් ශ්‍රී ලංකා කිරුළ ගැලව්වේ ඇයි ? 

අපිත් වර්ල්ඩ් ආයතනයට යටත් ආයතනයක්. ඒගොල්ලො දෙපාරක් ඉල්ලීම් කළා, පෞද්ගලික දුරකතන ඇමතුම් හරහා වගේම ඊමේල් හරහාත්… පුෂ්පිකාගෙන් පස්සෙ හිටපු හැමෝම නීති උල්ලංඝනය කරපු අය. ඒ නිසා ඒ කිසි කෙනෙකුට පුෂ්පිකාගෙන් පස්සෙ කිරුළ අයිති වෙන්නෙ නෑ. 2021 මිසිස් ශ්‍රී ලංකා කෙනෙක් නෑ. එතැනට හිස්තැනක්… ලෝක තරගාවලිය අවසන් නිසා පවරා දීමක් කරන්නත් බෑ. පුෂ්පිකාගේ ටයිට්ල් එකවත් නෑ දැන්… රෝසිට අද පුෂ්පිකා ඇඟිල්ල දික් කරනවා. ඒත් පුෂ්පිකා මිසිස් ශ්‍රී ලංකා වුනේ රෝසි මැතිණිය නිසා. ඇය ඒ දේදී හරි පැත්ත අරන් කතා කරපු නිසා..

මේක පස්සෙ හිටයේ චන්දිමාලුයි, රෝසියි නිසාලූ? 

ඇය නිතරම කියන්නෙ කුමන්ත්‍රණ තිබුණලු. මම හිතන්නෙ ඇයට තරම් කුමන්ත්‍රණ දුටුගැමුණු රජ්ජුරුවොන්ටවත් තිබිලා නැතුව ඇති. හැමෝම සැක කරන කෙනෙක්. අද කියනවා කැරොලයින් ජූරි හරි කියලා. මට කිසිම කැපසිටි එකක් නෑ. මට තියෙන්නෙ මේ ෆෝන් එකයි, ඇඟිලි ටිකයි විතරයි.

අර ෆෝන් එකක් හොරකම් කරපු කතාව..? 

මම අයි ෆෝන් මගේ බර්ත්ඩේ එකට තෑගි දෙන කෙනෙක්. මේ චෝදනා කරන්නෙ මටනේ. මාව දන්න මිනිස්සු දන්නවා.

පුෂ්පිකා කියනවා ඔබ එදා නෙළුම් පොකුණේ දි හැංඟිලා හිටියලූ? 

එදා ආරාධිත අමුත්තෝ පිටවෙලා ගියාට පස්සෙ මේ සිදුවීම වෙන්නෙ. ඉතින් අපි හිතුවට වැඩිය තරගෙ ටිකක් පරක්කු වෙච්ච නිසා මට බ්‍රයිට් කෙනෙක් හිටියා ……. හොටෙල් එකේ. මම මොන දේ කළත් මගේ රස්සාව අංක එක. මම එතැන නොහිටපු එක ගැන මම සතුටු වෙනවා. මම මේ ඇත්ත කියන්නෙ. මම මොකටද බයේ හැංඟෙන්නෙ. මම කාගෙවත් ඩමි එකක් නෙවෙයි. මාව කාටවත් නටවන්න බෑ.

ටිකට් ගැන කියන කතාවල ඇත්ත මොකද්ද? 

මේ කතා ඔක්කොම බොරු… රෝසි මහත්මියට එන්න කිව්වේ මිසිස් වර්ල්ඩ් ආයතනය. දිනෙත් එක්කම ලිපිය තියෙනවා. හැමදාම රෑට කෝල් කර කර අඬනවා රෝසි මැතිණියත් එක්ක. ගිය දවසේ ඉඳලා තිබුණේ ප්‍රශ්න. මැනේජර් එක්ක රංඩු වුණා. කන්ඩ දුන්නෙත් නෑ. කන්ඩ දුන්නෙ ලස්වේගස්වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ.. කිව්ව පළවැනි බොරුව ගවුම ලක්ෂ 75ක් කියන එක. ලක්ෂ 40ක් වැඩි කරලා ඔය බොරු කියන්නෙ. ලක්ෂ 35යි ගාණ…. අපි කොහොමද අමරිකාවේ බීඑච්එල් එක පාලනය කරන්නෙ..? ඩුබායි වල ඉන්න ධනවත් පුද්ගලයෙක් තමයි ඒකේ ස්පොන්සර්.. ඒක පරක්කු වුනේ සල්ලි නොගෙවපු නිසයි. ඇයට මැනේජර් ඉන්නවා කියලා දැනගත්තෙ පස්සෙ. මේක ගවුම් තරගයක් නෙවෙයිනේ. කැරොලයින් ජූරි දින්නෙ රුපියල් 5000ක ගවුමක් ඇඳලා. මේක මොළෙන් ගහන්න ඕනි ගේමක්. මෙයා තමන්ට උත්තර දෙන්න තිබ්බ ප්‍රශ්නෙ නාගත්තා.

මොකද්ද නාගත්තා කියන්නෙ? 

අන්තිම හයට තේරුණාම ප්‍රශ්න අහනවානේ. මැයට දුන්නා විනාඩියක්. මෙයා විනාඩි දෙකකට වැඩි කාලයක් ගත්තා. මෙයා මුලින්ම ජජස්ලාට තෑන්ක්ස් කරලා, හායි ලාස්වේගාස්…. ලංකාවේ හිටපු අයට සමාව දීපුවයි , ලංකාවේ ඉන්න අය වැරදි කළා එයාට, අභියෝග වලට ලක්වුණා……………. ඔය දේවල් කියල අවසාන තප්පරේ තමයි අහපු ප්‍රශ්නයට උත්තර දුන්නෙ. ඇහුව ප්‍රශ්නෙ තමයි, ඔබ මිසිස් වර්ල්ඩ් වුණොත් ඔබේ ක්‍රියාවලිය මොකද්ද ආයතනයත් එක්ක? ඇය ඒකට හරියට උත්තර දුන්නා නම් ඇය අවසන් තුන් දෙනා අතරට ඇවිත් දිනන්නත් තිබ්බා. ඒකෙන් තමා කැපුනේ. මම රෝසි මැතිණිය ඔක්කොම එතැන හිටියේ.

යන්න කලින් කොහොමද අපි එයාව ට්‍රේන් කරන්නෙ. එයාගේ සියලු වගකීම් ගත්තෙ මැනේජර්නේ. කවදාවත් රෝසි මැතිණිය මැදිහත් වුනේ නෑ. පුෂ්පිකා මැනේජර් එක්කයි කළේ හැමදේම. 15 වැනිදා කුමන්ත්‍රණය කරාලූ. එහෙනම් ඇයි වතුර වීදුරුවක් අරන් ඉස්සරහට ආවේ. මෙයා රෝසි මැතිණියට කියනවා වතුර වීදුරුවක් අරන් ඉස්සරහාට එන්න කියලා. මෙතුමියට ඇයි අම්මට වගේ ඉස්සරහාට එන්න කිව්වේ ? රෝසි මැතිණිය අඩුපාඩු කිව්වා. ඒක අධෛර්යමත් කරන්නද කරන්නෙ..? නෑනේ.. එතුමියටනේ අත්දැකීම් තියෙන්නෙ. ගවුම හින්දා මෙයා රෑ අඬනවා. රෑ එළිවෙනකන් අඬනවා. රෝසි මැතිණියට දැණුනු අනුකම්පාව නිසා වයිස් ප්‍රසිඩන්ට්ගෙන් අවසර අරන් ගියේ. පුෂ්පිකාට කරපු හැම වෙල්කම් එකක්ම කළේ රෝසි නිසා. එහේ ඉන්න අය කොච්චර උදව් කළාද ? මෙයාගේ කැන්ඩියන් එක නැතුව එහේ හිටපු කෙනෙක් පැය විසි හතරෙන් මහලා දුන්නා. අපේ පීසීආර් කළෙත් ඒ අයගේ වියදම් වලින්.

පුෂ්පිකා ඔබේ ටිකට් අරන් දුන්නා? 

මෙහෙමයි… මුලින් මම කිව්වා මට යන්න බෑ, මේක මගේ වෙඩින් මාසේ. ලක්ෂ විස්සක් තිහක් පාඩුයි මම ගියාම. මම ටීම් එකට හරි දානවා ටිකට් එයා කිව්වනම්. එයා තමයි කිව්වෙ ඔයා එන්න, මම ටිකට් දාන්නම් කියලා. රෝසි මැතිණියගේ කට්ටිය ඉන්නවා ජෙට් පවා තියෙන. එතුමිය ඇවිත් හොටෙල් එකේ නැවතුනේ මැයට උදව් කරන්න.

ලීක් වුනු හඬපටයේ ඇයි රෝසි කියන්නෙ ඇගේ නම කියන්න එපා කියලා ? 

ලංකාවේ ලොකු මේකක් තිබුණනේ, රෝසි යන්නෙ මේක ෆික්ස් කරලා පුෂ්පිකා ව දිනවන්න කියලා. ඉතින් ඒ හරහා එතුමිය කැමති වුණේ නෑ කියන්න. වෙන කවුරුත් නෙවෙයි ඕක ලීක් කළේ පුෂ්පිකා. ඇයි එයා බොරුවට වටේ යන්නෙ. හැමෝම හිටියා එයා රෙකෝඩ් කරන තැන. පුෂ්පිකායි මැනේජරුයි ඇවිත් කිව්වා, අක්කි මම හතරවැනියා කියලා කිව්වා.. මම හිතන්නෙ ඇයට ඉංග්‍රීසි බෑනේ. එක්කෝ වැරදියට ඇහිච්ච විදිහ. අපිටත් ලොකු සතුටක් ආවා. හයට ඇවිත් ඇය හතර වුණානේ කියලා. පුෂ්පිකා තමයි කිව්වෙ අක්කි ලංකාවේ මගේ ටීම් එකේ අයයි, මීඩියා අයයි වොයිස් කට් එකක් ඉල්ලනවා, මම මොනාද කියන්නෙ කියලා. එතුමිය වාඩිවෙලා කිව්වේ. මෙයා කියනවානේ අපි කුමන්ත්‍රණය කළා කියලා. රෝසි මැතිණිය මේ අයව හම්බෙන්නෙ 16 වැනිදා ලන්ච් එකේදී. කුවේක්ෂන් කියන වචනේ කියාගන්න බැරුව දවස් ගාණක් පාඩම් කළා නම් හිතන්නකෝ..

රිසාල්ට් ශීට් එක දැක්කලූනේ? 

මම විශේෂයෙන් අභියෝග කරනවා, මොනා හරි ජජස්ලා එක්ක ගිය ජජ් ශීට් එකක් හරි එයා ළඟ තියෙනවා නම්, මගේ ඉස්සරහාම ඉන්නෙ මිසිස් වර්ල්ඩ් කියලා. මම අභියෝග කරනවා ඔප්පු කරන්න. ඔප්පු කළොත් මම ජාතික අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. එයාට සල්ලි තියෙනවානේ. ගෙන්නන්කෝ ජජ් බෝඩ් එක. ගෙනල්ලා ප්‍රෙස් එකක් තියලා, එයා මැද්දෙන් වාඩිවෙලා නිවේදනය කරන්නකෝ… මම එවෙලෙම ඉල්ලා අස්වෙනවා. කොහෙද එයාට ජජ් බෝඩ් එක කිව්වා කියන්නෙ. එයා කුවෙට් කුමාරි වගේ ලයිව් ඇවිල්ලා පිස්සු කෙළින ඒවා පිළිගන්න මේ රටේ මිනිස්සු ලෑස්ති නෑ.

ඔබට සල්ලිවලින් උදව් කරලා තියෙනවද පුෂ්පිකා..? 

මොනාටද මට.. මට සල්ලි තියෙනවානේ. මට පුෂ්පිකාට වැඩිය සල්ලි තියෙනවා. මම අනුන්ගේ සල්ලිවලින් ජීවත් වෙන් නෑ. මේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා තියෙනවා නම්…. කුමන්ත්‍රණය සිද්ධ වෙච්ච දවසේ රෑ ආෆ්ටර් පාර්ටි එකේ මේ ඉන්නෙ බොහෝම සතුටින්… රෝසි මැතිණියත් එක්ක.. මෙයා මේ නටනවා.

ඔබ බර්ත්ඩේ පාටි එක දවසෙත් ඇයට එන්න එන්න කිව්වලූ..? උගුලකට අටවන්නලූ එන්න කිව්වේ? 

ඔය උගුල් අටවන්න, කුමන්ත්‍රණය කරන්න මුකුත් ඕනි නෑනේ මට. මට අමුතුවෙන් කුමන්ත්‍රණය කරන්න ඕනි නෑ. මට තියෙනවා අයිතිය. මට ඕනි නම් මගේ අක්කව ගෙනියන්න පුළුවන් අයිතිය නිසා, පුෂ්පිකා ඕනි නෑ කියලා. මම අදටත් උඩ බලන් කෙළ ගහන්න කැමති නෑ. මේවායින් වෙන්නෙ ලැජ්ජාවක්. හැබැයි මෙයා මේ ඇවිත් වීරවරියක්, යකඩ කාන්තාවක්ලූ. යකඩ කාන්තාවක් නම් ඇයි මෙහෙම හැසිරෙන්නෙ? ගෙවල් හැදුවා කියලා, සිමෙන්ති දුන්නා කියලා කිරුළු දෙන් නෑ. කැරොලයින් ගිහින් ඔය මුකුත් නොකර දිනලා ආවේ. මේක තියෙන්නෙ තමන්ගේ පර්සනල්ටිය රූපය සහ මොළේ එක්ක.

මේ සමස්ත සිද්ධිය පිටිපස්සෙ කවුරුහරි ඉන්නවාද? 

මේ සිද්ධිය පිටිපස්සෙද? ලංකාවට ඇය පැමිණෙනකන් ඇය අපිත් එක්ක හොඳට හිටියා. ඇය පෞද්ගලික යූටියුබ් නාලිකාවක් හරහා ලයිව් එකකටත් ගියා. මාත් ඉඳන් හිටියා. ඇවිල්ලා දවස් තුනකට පස්සෙ තමයි මේ එක එක සුරංඟනා කතා කියන්න ගත්තේ. මගේ ළඟ සාක්ෂි තියෙනවා, මේක පිටිපස්සෙ රෝසි මැතිණියට පෞද්ගලිකව මඩ ගහන්න දේශපාලඥයෙක් ඉන්නවා.

දේශපාලඥයෙක් ඉන්නවා ? ඒ කියන්නෙ පුෂ්පිකාව හසුරුවනවා දේශපාලඥයෙක්..? 

ඔව් අනිවාර්යෙන්ම… මම ඒ හැම මැසේජ් එකක්ම දැකලා තියෙනවා. ඇයට කවුද එහේ ඉන්නකන් රෑට කතා කළේ කියන එක. එයාට කවුද මේවට සල්ලි වියදම් කළේ කියන්න සාක්ෂි තියෙනවා.

මේ දෙන්නා අතර අනියම් සම්බන්ධයක් තියෙනවා…? 

අනිවාර්යෙන්ම.. ඒ හින්දා තමයි ඇය ඔහු කියන විදිහට මේ හැසිරෙන්නෙ. ඔහු ආණ්ඩු පක්ෂෙ කෙනෙක් නෙවෙයි. රෝසි මැතිණියගේ පක්ෂෙ කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක්.

දිස්ත්‍රික්කෙ කියන්න පුළුවන්ද ? 

ඒක අවශ්‍ය නැහැ මම හිතන්නෙ. ඒක හෙට අනිද්දට ඔය අපිට හානි කළා වගේම ඒ පුද්ගලයාටත් හානි කරයි ඉදිරියේදී. ඇයට අවශ්‍ය දේ නොලැබුණොත්.. මම දැකපු එස්එම්එස් එක්ක. මේ කන්වේෂන් එක්ක මේ බැක් එකේ ඉන්න කෙනා පළිය ගැන රෝසි මැතිණියගෙන්. මට සාක්ෂි තියෙනවා. මම දැනුත් කියන්නෙ කිරුළක් අවශ්‍ය නැහැ රටට ලෝකෙට සේවය කරන්න. කොච්චර පහත්ද හිතන්න, අර වීඩියෝ එකක කියනවා අන්න හූනත් චික් චික් ගෑවලූ. හූනා කියන දේත් විශ්වාස කරනවා.

මේකෙන් ඉගෙන ගත්ත පාඩම..? 

ඇය කියපු පාඩමම තමයි. ළඟින්ම ඉඳලා ළඟම ඉන්න මනුස්සයා තමයි ගේම දෙන්නෙ කියන එක. ගොඩක් කාන්තාවෝ මේ තරගවලට එන් නෑ මේ දකින දේවල් නිසා. ඉදිරියට එහෙම වෙන්න එපා. මම ආරාධනා කරනවා රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x