සයුරෙන් එහා

රුසියාව බැස්සොත් ක්ෂණික ප්‍රතිචාරයක් – බයිඩන් කියයි

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය සඳහා ඉදිරි පියවර ගන්නේ නම් එක්සත් ජනපදය ක්ෂණිකව සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බව ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි වෙත පවසා තිබේ.

යුක්රේනයට රුසියානු ආක්‍රමණයක් මේ සතියේ ඉක්මනින් සිදු විය හැකි බවට එක්සත් ජනපද අනතුරු ඇඟවීම් මධ්‍යයේ මෙම ඇමතුම පැමිණියේය.

යුක්රේනයට එරෙහි ඕනෑම රුසියානු ආක්‍රමණයකට තම මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් සමග එක්ව එක්සත් ජනපදය ක්ෂිකව හා තීරණාත්මක ලෙස ප්‍රතිචාර දක්වන බව ජනාධිපති බයිඩන් පැහැදිලි කළේය.

රුසියාව දේශසීමාවේ හමුදා ගොඩනැගීමට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ වැළැක්වීම දිගටම කරගෙන යාමේ වැදගත්කම පිළිබඳව නායකයින් දෙදෙනා එකඟ වූහ.

යුක්රේනියානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, යුක්‍රේනයට වැඩි හමුදා සහ මූල්‍ය ආධාර සැපයීම සඳහා වොෂිංටනයට කරන ලද ඉල්ලීම් සෙලෙන්ස්කි අලුත් කළ බවත්, හැකි ඉක්මනින් යුක්රේනයට පැමිණෙන ලෙස බයිඩන්ගෙන් ඉල්ලා සිටි බවත්ය. කෙසේ වෙතත්, එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ බයිඩන් යුක්රේනයේ සංචාරයක් කිරීම අතිශයින් අපහසු බවයි.

කෙසේ වෙතත් මෙවැනි ආක්‍රමණයක් පිළිබඳ ඇමෙරිකානු මතය රුසියාව යළි යළිත් බැහැර කරයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x