පුවත්

සුදු වෑන් මෝරා යළි වැඩ පටන් ගනී – මාධ්‍ය භීතිකාව යළි ඇරඹෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට අද අළුයම නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

චමුදිත සමරවික්‍රම පදිංචි පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් (cambridge court) නිවාස සංකීර්ණයට අද අළුයම පැමිණි සිව් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හිරු ප්‍රවෘත්ති වෙත පවසා සිටියේ.

සුදු පැහැති  වෑන් රථයකින් පැමිණි මේ පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටු බලහත් කාරයෙන් විවෘත කරවාගෙන එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මේ පිරිස නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවට මුදිත සමරවික්‍රම වැඩිදුරටත් කියා සිටියා.

ඊට අමතරව තමන්ට වෙඩි ශබ්ද කීපයක් ද ඇසුණු බව ඔහු පවසා සිටියා.

මේ සිද්ධි සම්බන්ධයෙන් වහාම පොලීසියට දැනුම් දුන් බවත් ඒ අනුව පොලිසිය පැමිණ නිවාස සංකීර්ණයේ අවට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

හිරු ටීවී පත්තරේ විස්තරේ සහ සලකුණ සංවාදාත්මක දේශපාලන වැඩසටහනෙහි ප්‍රධාන පූරක ලෙස ලෙස කටයුතු කරන චමුදිත සමරවික්‍රම එම වැඩසටහන් වලට ඉදිරිපත් වන දේශපාලඥයින් සහ අනෙකුත් බලධාරීන් දැඩි සහ සෘජුව ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින රූපවාහිනි දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්.

 

Related Articles

4 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x