පුවත්

විමල්ගෙන් සුපිරි ප්‍රකාශයක්

රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය වන්නේ හැකිතාක්දුරට දේශීය නිෂ්පාදන පරිභෝජනය පුරුදු වීම බවත් එමගින් පමණක් මෙරට නිර්මාණය වන නව නිෂ්පාදන ආරක්ෂා කිරීමටත් ප්රභවර්ධනය කිරීමටත් හැකියාව ලැබෙන බවත් කර්මාන්ත අමාත්යක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පානදුර නගර ශාලාවේ පැවති ‘නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර maa Product සමාගම නිෂ්පාදනය කරන ලැබූ ‘ගරක් කෝලා’ සහ ‘තල් කෝලා’ පානයන් ජනගත කිරීමේ උත්සව සභාව ආමන්ත්ර්ණය කරමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේ ය.

“ලෝකයේ දියුණු රටවල් බොහොමයක් තමන්ගේ නිෂ්පාදන අගය කිරීම හරහා දියුණු වූ රටවල්, තමන්ගේ රටේ භාණ්ඩ පරිභෝජනය කිරීම මගින් දියුණු වූ රටවල්. තමන්ගේ රටේ නිෂ්පාදනවලට ඉහළ වැදගත්කමක් ලබාදී ඒවා පරිභෝජනය කිරීමට උනන්දු වන මිනිස්සු වෙසෙන රටවල් තමා දියුණු වී ඇත්තේ.

තමන්ගේ රටේ දෙයට ගරහන, පිටරටින් එන දෙය හිස මුදුනින් පිළිගන්න, නිවටකමක් ඇති සමාජයන් පවතින රටවල් තමයි දියුණු නොවන්නේ. එහෙම නැතිනම් හෙමින් දියුණු වන්නේ. අද අපි අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමුවැනි අවම කොන්දේසිය තමයි හැකිතාක් දුරට අපේ රටේ නිෂ්පාදන පරිභෝජනයට පුරුදු වීම.

ඒ නිසා අපි ඔබගෙන් ඉල්ලනවා, ‘මේ රටේ නිෂ්පාදන පරිභෝජනයට පුරුදු වෙන්න, ඒවාට ප්රඅමුඛතාව දෙන්න, ඒවාට දිය යුතු නිසි තැන දෙන්න’ කියා. එමගින් පමණක් අපට පුළුවන් මේ රටේ නිර්මාණය වන නව නිෂ්පාදන ආරක්ෂා කරන්නත් ප්ර වර්ධනය කරන්නත්.”

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x