ඇය මේ ජයග්‍රහණ සඳහා සුදුසු නැහැ – කැරොලයින් කළේ හරි දෙයක්

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ, පසුගිය දිනයේ කටයුතු කර තිබුණා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලිය පැවැත්වීමට බලය ඇති සිය සංවිධානය වෙත පැවරී ඇති නිත්‍යානුකූල බලතල අනුව මේ වාරණය කරන බවයි.
මේ අතර ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ හිටපු විධායක නිලධාරිනියක වන ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් (Libby Crawford) ද මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා අළුත් සටහනක් තබමින් කියා සිටින්නේ පුෂ්පිකා ද සිල්වා ඇයගේ විවාහය ඇතුළු අංශ රැසකදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ඇය කිසිවිටෙකත් මෙම ජයග්‍රහණය සඳහා සුදුසුකම් නොලබන බවයි.
එමෙන්ම හිටපු ලෝක විවාහක රූ රැජිණක ලෙස කැරොලයින් ජුරි පුෂ්පිකා ගේ කිරුළ ඉවත් කිරීමට පියවර ගැනීම නිවැරදි බවත් මෙම ක්‍රියාකලාපයන් හරහා එය තහවුරු වන බවත් ඇයගේ මෙම සටහනට ඇතුළත්.
පසුගිය අප්‍රේල් මාසයේදී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේදී අනු ශුරතාවය දිනාගත් ආශ්‍යා බස්නායක ට හිමිවිය යුතුව තිබූ ලෝක විවාහකක රූ රැජින තරග තරගාවලියට එක් වීම සඳහා තිබූ අවස්ථාව පුෂ්පිකා ද සිල්වා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ඇති බව ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් ඇයගේ මුහුණුපොතේ සටහනේ දක්වා තිබෙනවා.
ඇය වැඩි දුරටත් සඳහන් කරන්නේ එම අසාධාරණ ක්‍රියාවලිය හරහා ආශ්‍යා බස්නායකට අහිමි වූ අවස්තාව ලබන වසරේ දී පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගාවලිය නියෝජනය කිරීමට ලබාදෙමින් ඇයට සාධාරණය ඉෂ්ට කළ යුතු බවට තමන් විශ්වාස කරන බවයි.
ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් (Libby Crawford) පුෂ්පිකා ද සිල්වා මෙවර ලෝක විවාහක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇයගේ මුහුනු පොතේ තිබූ සටහනක් සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් කියා සිටියේ ලෝක විවාහක රූ රැජන තරගාවලියේ ඇත්තේ ජයග්‍රාහිකාව සහ අනුශූරතාව දිනා ගන්නා දෙදෙනකු පමණක් බවයි.
එසේත් නොමැතිව මෙම තරගාවලියේ තුන්වන, සිවුවන ආදි වශයෙන් ශ්‍රේණිගත කිරීමක් සිදු නොකරන බවත් ඇය එම සටහන හරහා පැහැදිලි කර තිබුණා.